Christian Workers Movement (CWM)
ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය
අගරදගුරු පදවි ක්‍රිස්තියානි කම්කරු අපෝස්තලික සේවාව
ආරම්භ වී වසර 60 කි (1953-2014)
අප ගැන අනාවරණය
ශ්‍රී ලංකාවේ කම්කරුවන් අතර අපෝස්තුළුවරය සඳහා කැපවූවකි.
x කම්කරුවන් සඳහා,
x කම්කරුවන් විසින්,
x කම්කරුවන් ගෙන් සැඳුම්ලත් ව්‍යාපාරයකි,
x ශ්‍රී ලංකා රදගුරු මණ්ඩලයෙන් අනුමතය,
x ලෝක ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයෙකි,
x ශු. සභාව විසින් පිලිගත් ගිහි අපෝස්තුළුවරයකි,
තරුණ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයේ නිර්මාතෘ සඟසැපත් ජෝශප් කාඩයින් කාර්දිනල් හිමිපාණන්ගේ දර්ශනය අරමුණ සහ ක්‍රමවේදය මත ගොඩනගන ලද්දකි.
ශ්‍රී ලංකා ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය බැලීම විනිශ්චය කිරීම සහ ක්‍රියා කිරීම යන ක්‍රමවේදය මත පිහිටා කෙරෙන සමාලෝචනය අනූව ක්‍රියාත්මක වීමෙන් ඔවුන් වෙත එල්ලවන අභියෝගයන්ට මුහුණදීමට උදව්වවෙමින්ද ඊට අවශ්‍ය අධ්‍යාපනය පුහුණුව සහ හැඩ ගැසීම කම්කරු ලෝකයේ පිරිමි සහ කාන්තාවන් වෙත ලබාදීමට කැපවී සිටින ගිහි අපෝස්තලික ව්‍යාපාරයකි.
x කතෝලික වෘත්තීය සමිතියක් නොවේ.
නමුත් කම්කරු පංතියේ විමුක්තිය සඳහා අවංකව කැපවුනු නිදහස් කම්කරු සංගමයක් ගොඩ නැගීම අරමුණු කොට සියළුම කම්කරුවන්ට වෘත්තීය සමිතිවල සාමාජිකත්වය ලැබීමේ අවශ්‍යතාවය තදින් පවසන අතර එහි ක්‍රියාකාරිත්වයට මැදිහත්වීම අවධාරණයෙන් පෙන්වා දෙයි.
x සමාජසේවා සංවිධානයක් නොවේ.
නමුත් හුදෙක් පුන්යධාරයට වඩා සාධාරණය ඉටු කිරීමේ වැදගත්කම පෙන්වාදෙයි.
x කතෝලික කම්කරුවන්ගේ ධ්‍යාන සංගමයක් නොවේ.
නමුත් කම්කරුවන් සඳහාවූ සුවිශේෂක ගිහි අපෝස්තුළුවරයක් ගොඩනැගීමට වෙරදරනුයේ සමාජීය ආර්ථික සහ දේශපාලන ව්‍යුහයන් අපගේ විශ්වාසය වෙත බලපාන අයුරු ඔවුනට අවබෝධකර දීමෙනි.
x පක්ෂ දේශපාලනයට ගොදුරුවූ සංවිධානයක් නොවේ.
නමුත්, තමන්ගේ දේශපාලන අයිතීන් සහ යුතුකම් ගැන කම්කරුවන් දැනුවත් කිරීම සඳහා ක්‍රියාකරන අතර තමන්ගේ අනාගතය ගොඩනැගීමේ පංගුකාරයන් වීමට ඔවුන් සතු අයිතිය සහ යුතුකමද පෙන්වාදෙමින් ලෝකයේ අනාගතය ගොඩනැගීම පිණිස ක්‍රියාකාරී මෙහෙයක පංගුකාරයන්වීමට ඔවුන්ට තිබෙන අයතිය අවබෝධ කර දෙයි.
No comments:
Post a Comment