ස්නාවක ඡොහාන් තුමන්ගේ සාක්ෂිදැරිම
මෙසියානික අපේක්ෂාවෙන් පෙළුනු සමාඡයට ගැළවීම තවත් දුර බව ඇසෙන්නට විය. මෙසියා නැතිනමි කි්රස්තුස්ගේ පැමිණීම විමුක්තියේ උදාව බව එවුන් අපේක්ෂා සහගතව සිටියහ. එය සුළුපටු කාලයක් නොවේ. නමුත් ඒ සඳහා මාර්ගයක් තැනීමට කිසිවකු උත්සුක නොවු සමාඡුයට කි‍්‍රස්තුස් සඳහා මාර්ගය පිළියෙල කරන්නැයි පාලුකරයේ මොරගා කියන හඬ ස්නාවක ඡොහාන් විය. අන්ධකාරයට රඡ කල සමාඡයක අලෝකයේ උදාවට එකදූ හෝ පහන් සිලක් වනු සඳහාම වු මහා තීරණය ඡොහාන්ම විය. එලෙසම ඡොහාන් බැහැපත්කමෙ පරමාදර්ශය විය. එඩිතර බවේ ප්රතිමුර්තියයි. අන්ධකාරයට එරෙහි වන්නට ගත් තීරණය නිසාම තම හිස දීමට තරමි අභීත විය. ඒ මහා යුග පුරුෂයා ඉදිරියේ නුතන අන්ධකාරය තුල ඔබ මම.....කවුද? කොතැනද? අපගේ තීරණය කුමක්ද ?
පැරණි ජිවිතයට නව උපතක්
තමාගේ සාක්ෂිදැරිම තම ඇස් ඉදිරිපිටදීම තමන්ට ප්රත්යක්ෂ බව ඡොහාන් තුමා වටහා ගනී. මෙසායා හෙවත් කි‍්‍රස්තුස් නමි දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් තමන් ඉදිරිපිට සිටී එතුමා කුමකටද? ඡොහාන්ට අනුව ලෝකයේ පාපය දුරලන දෙවියන් වහන්සේගේ බැටළු පෝතකයාණෝය එතුමන් එනමි තමන්ගේ පවිකාරකමි අනුන්ගේ කරමත පටවන ගැලවුමිකරුවකු වූ නායකයෙකු නොව අනුන්ගේ පවිකාරකමි තම කරමතට ගන්නා දුක්විඳින සේවකයෙකි. ඡොහාන්ගේ ඡලයේ බෞතිස්මය මිනිසුන් පවිත්‍ර කලද මෙතුමාණන්ගේ ශුද්ධාත්මයානන්ගෙන් වන බෞතිස්මය මිනිසකුගේ ස්වරූපය සහමුලින් වෙනස් කරනු ලබයි. එය ගින්නෙන් වන බෞතීස්මයකි. ගින්නට හසුවන සියල්ලහි වත්මන් ස්වරූපය සපුරා වෙනස් වන අතර වත්මන් ස්වරූපයට හෙවත් පැරණි ජිවිතයට මියයන්නට සුදානමි නොවන කිසිවකුට නව ජිවිතයක් උදා නොවේ.
බිත්තරය බිත්තරය ලෙසම පැවතී නැතිවී යා හැක. නමුත් බිත්තරයේ ස්වරූපයෙන් මිදී කැඩෙන්නට සුදානමි නොවුන හොත් කිසිදු බිත්තරයකට කුරුල්ලකු නොවිය හැකිය. බිත්තරය කුරුල්ලෙකු වීම යනු පැරණි ස්වරූපය අත්හැරීමයි මෙන්ම ඉතාම නැවුමි මෙන්ම වෙනස් පැවැත්මකට ඇතුල් වීමයි. බිත්තරයකට අහස්කුස පුරා පියෑඹිය නොහැකි වුවද ඒ බිත්තරය නමැති සමිමුතියට හිරකර තිබු කුරුල්ලාට අහස්කුස ඡයගත හැකියි. ස්වාමින් වහන්සේගේ ගින්නෙන් හෙවත් ශුද්ධාත්ම බෞතීස්මය එලෙස නව එමෙන්ම ආශ්චර්යමත් ජිවිතයක් වෙයි.
කිතු සමිඳුන්ගේ බෞතිස්මය එතුමන්ට ප්‍රබල ජිවිත වෙනසක් සඳහා වන ආරාධනාවකි. ඡලධාරාවක ගිල්වා ගිනීම යනු පවිත්රතාවයේ සංඛෙතයකි. එම පවිත්‍රතාවය යනු මරණයෙන් ජිවිතයට එසවීමකි. අඳුරින් ආලෝකයට පා තැබීමකි. වහල් බවින් නිවහල් බවට එතෙර වීමකි. ඡේසු තුමන් තම ගමනේ මුලාරමිභය කර ගත්තේ එම තීරණයයි. එය එතුමන්ට පිළිවෙතක් පමණක් නොවේ. ජිවිත වෙනසක් තුල දේව තාත්තාගේ මෙහෙවරට ආපසු නොහැරී කැපවීමකි. අද අපගේ බෞතිස්මයන් කොතැනද? එය නව ජිවනයක්ද? ඡන්මපාපයෙන් නිදොස් වීමක්ද නැතිනමි පැරණි ජිවිතය එලෙස වඩාත් හොඳින් පවත්වාගෙන යෑමක්ද? වෙනස් වීම සඳහා තීරණයක්ද?
පාපය අපව දුර්වල කරයි. ඇතුලාන්ත පිරිසිදුකම අපව බලගන්වයි. ඒ බලගැන්වීම වනාහි භෞතික මෙන්ම අධිභෞතික තත්වයන් පවා අභිබවන්න හැකි බලගැන්වීමකි. කිතු තුමන්ගේ ජිවිත සාක්ෂි දැරීම තුලද ශුද්ධාත්මයානන්ටද අභියෝගයක් තිබේ. එනමි ඉන්ද්රිය ප්රත්යක්ෂය අභිබවා එතුමන්ගේ සාක්ෂි දැරීම ප්‍රබල වෙයි. ඒ ජිවන දායක පැවැත්මට අපට ඇතුලත් විය හැක්කේ එතුමන්ට සමිබන්ධවීම තුල පමණී.
රෝග වලට මුලික වන හේතුන් අතර මානසික සෞඛ්‍යය පිරිහීම මුලික බව අද මනෝවෛද්‍ය මතයකි.මානසික සෞඛ්‍යය පිරීහිම නුතන සංකීර්ණ සමාඡ වටපිටාව තුල සුලබ තත්වයක් බවට පත්වී තිබේ. පීඩාවෙන් පීඩාවට පත් ආන්තික මිනිසුන් තුල ඇති ගැටළුව ඡේසුතුමන් නිරවුල්ව හඳුනා ගනී. එතුමන්ගේ වචන වලට ඇති බලයට සලිත වන්නේ අශුද්ධාත්මයන් පමණක් නොවේ. රෝගියා එසේත් නැතිනමි ගැටළුවකින් පීඩා විඳින්නාට නිදහස සැනසීම සුවය දීමට තරමි එම වචන ප්‍රබල වෙයි.එය වටහා ගත යුත්තේ එතුමන්ගේ මුළු ජිවිතය තුලය. පීඩිතයා අසරණයා රොගියා වැන්දඹුව ගණිකාව ලෙස හංවඩු ගැසු ආන්තික ඡුනතාව එතුමන්ගේ ජිවිතයේ ප්‍රමුඛතාවය ලබා ගන්නා බව පැහැදිලිය. ඔවුන්ට නිදහස සැනසීම නැතිනමි විමුක්තිය එතුමන් තුල වෙයි. ඒ සඳහා වන ඇතුලාන්ත සුදානමක් අපට තිබේ නමි එය අපගේද අත්දැකීමක් වීම අනිවාර්ය වෙයි. එවැනි ගමනක් සඳහා අප සුදානමිද? එතුමන් තුල ඇති නිදහස අත්දකින්න අප සුදානමිද?
උන්වහන්සේ අප ශුද්ධාත්මයාණනගෙන්ද ගින්නෙන්ද ස්නාපනය කරන සේක.
ජේසු කි්රස්තුන් වහන්සේගේ කාර්යේ නිරතවන්නට ඇරයුමක් ඇත. ජේසු සමිඳාණන් ජොර්දාන් නදියේ ස්නාපනය ලබන මොහොතේදී ලැබුණු දේව සහතිකය අපටද වලංගුය.
ස්නාවක ජුවාම්ගේ කර්තව්‍යය වුයේ ජේසු සමිඳාණන්ට මග සැකසීම සඳහා ජනතාවට පව් කමාව ලබා දෙමින් ජොර්දාන් නදියේ ස්නාපනයට කැඳවීමය. ජේසු සමිඳාණන්ට කිසිඳු පාපයකින් තොර වූවත් එතුමාණන්ද එම පිළිවෙතට සම්බන්ධ වුයේ ජනතාව සමඟ සම්බන්ධවීමටය. එතුමාණෝ එසේ ජුවාම්තුමාගේ ස්නාපනය වැළඳ ගත්තේ තමන් වහන්සේද පාපිෂ්ඨයෙක් බව කියා පෑමටද? නැත. එහෙත් එයින් ජනතාව හා සමඟ සම්බන්ධවී ඔවුන්ගේ ම කෙනෙක් බව ඒත්තු ගැන්වීමටය එම අවස්ථාවේදී ස්නාවක ජුවාම් තුමා තමන්ගේ ස්ථාවරය මතක් කර දෙමින් ජේසු සමිඳාණන්ගේ සැබෑ ස්වරූපය එළිදරව් කිරීමට ජුවාම්තුමා මැලි නොවීය.
ජේසු සමිඳාණන් පිළිබඳව සිදුවන අනාවරණය
x එතුමාණන්ට ජූවාම්ගේ ස්නාපනය අවශ්‍ය නොවීය. එහෙත් එසේ සම්බන්ධ නො වුයේ නම් එතුමා ජනතාවගේ කෙනෙක් නො වන බව ජනතාව අතර පිළිගැනීමකට ලක්වන්නට ඉඩ තිබුණි. ඔවුනට කියන්නට ඉඩ තිබුණා "මොහු අපේ එක්කෙනෙක් නොවෙයි" කියා.
x මෙම සිද්ධිය ජේසු සමිඳාණන් දොරට වැඩීමේ අවස්ථාවකි. උන්වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ වු මොහොත ලෙසට සනිටුහන් කළ හැකිය. එතුමාගේ භුමිකාව කුමක්ද යන්න තේරුම් ගෙන එනම් තමන් වහන්සේගේ අනන්යන්යතාවය ප්‍රකාශ කර තීරණයක් ගන්නා අවස්ථාවකි.
x එතුමාණෝ ජනතාව සමඟ මිශ්‍ර වෙමින් ඔවුන් සමඟ අනන්යන්ය වෙමින් ඔවුන්ගේ ප්‍රශ්නවලට ගැටළුවලට සංවේදිවීමේ අවස්ථාවක් විය.
x මෙම සම්බන්ධතාවය නිසා අන් අය ඉදිරියේ තමන් වැරදි නො කළත් වැරදි කරන කෙනෙක් වශයෙන් වරදවා තේරුම් ගැනීමට ඉඩ ඇති බව අවස්ථාව ලබා දීමෙන් තමන්ගේ ශුද්ධවන්ත බව හෝ දේව පුත්‍ර බව අහිමි වුයේ නැත.
x ස්නාවක ජුවාම් කරන අනාවරණය තමන් මෙසියස් නොවේ ජේසු සමිඳාණන් මෙසියස් බව ශුද්ධාත්මයාණන්ගෙන් ලබා දෙන ස්නාපනය ඉතා වැදගත් බව ජුවාම්තුමා සනාථ කරයි.
x ස්නාපනය ලබන මොහොතේදී ස්වර්ගයෙන් ලැබුණු අනාවරණය හරහා ශුද්ධවු ති‍්‍රත්වයේ ප්රකාශනයක් විය.එසේ "මේ මාගෙ පි‍්‍රයාදර පුත්‍රයාණෝය" ඔබ කෙරෙහි ඉතා ප්‍රසන්න වී සිටිමි” යන්න සඳහන් විය. ජේසු සමිඳාණන්ගේ දුත මෙහෙය අනුමතවීමක් විය. ජේසු සමිඳාණන්ගේ ප්‍රසිද්ධ ජීවිතය අරඹන මෙම අවස්ථාව තීරණාත්මක මොහොතකි.
x මෙම එළිදරව්ව හරහා ජේසු සමිඳාණන්ගේ දේව යථාර්ථය හා සම්භවය ප්‍රකාශ වන අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකියි.
අන් අයගේ ඉගැන්වීම.
x ස්නාවක ජුවාම්ගේ අනාවරණය හරහා කරන එළිදරව්ව එනම් ස්නාවක ජුවාම් සේවකයක් වීමට පවා නුසුදුසු බව ජීවිත වෙනසක් ඇති කිරීම ජේසු සමිඳාණන් හමු වීමෙන් ඇති බව.
x ස්නාවක ජුවාම්ගේ ස්නාපනය හා ජේසු සමිඳාණන්ගේ ස්නාපනය අතර ඇති වෙනස අද ශුද්ධ ලියැවිල්ල හරහා විස්තරාත්මකව ප්‍රකාශ කර ඇත. එසේම අප ඇරයුම් ලබා ඇත්තේ ජේසු සමිඳාණන්ගේ ස්නාපනයට සම්බන්ධවීමටය. ඒ තුළ පොදුවේ ප්‍රසාද ස්නාපනීය ජීවිතය කරණකොටගෙන නව උපතකට ඇරයුමක් කරයි. එනම් ශුද්ධාත්මානුභාවයට ඇතුල් වීමට කරන කැඳවීමකි. තව ආකාරයකින් ප්‍රකාශ කරන්නේ නම් එය දේව ජීවිතයට උරුම කීමකි.
ප්‍රායෝගික ජීවිතයට ගත හැකි පාඩම් මොනවාද?
x ජේසු සමිඳාණන් කෙරෙහි විශ්වාසයෙන් සිටීම. එතුමාණන් උදාකළ ගැළවීමේ උරුමයට පංගුකාරයින් වීම. අප දේව උරුමයෙන් කොටස් කරුවන් ලෙස හැසිරෙන්නේද යන්න විමසා බලමු.
x අප ලබා ඇති බෞතිස්මය මගින් අප සැම ජේසු සමිඳාණන්ගේ තුළින් ශුද්ධාත්මානුභාවය ලැබීමෙ වරම අප දේව සමානකමේ ස්ථාවරයත්වය සනාථ කිරීමක් නො වේද? එහි ඇති වටිනාකම අප අවබොධ කර ගෙන ඇත්ද? ප්‍රසාද ස්නාපන හුදු පිළිවෙතක් පමණක් නොවේ. එය නව දිවියක් ගත කරන්නට ලබන ආරාධනාවකි. එම අලුත් වීම සැමදිනක ම සිදුවිය යුත්තකි.
x අප එකිනෙකාගේ ස්නාපනීය පොරොන්දු අළුත්වැඩියා කිරීමට අපට ඇරියුමක් ඇත. එය හුදෙක් ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමක් වශයෙන් නොව තම ජීවිතය ජේසු සමිඳාණන්ට කැපවීමකි.
x ජේසු සමිඳාණන්ගේ ආදර්ශය අනුව යමින් ජනතාව සමග සම්බන්ධ වීමට ඇති අවස්ථාවන් අපි හඳුනාගෙන ඇත්ද? පුජක හා ගිහි අපට පවුල බැහැදැකීම අනිවාර්යයි. එය ගිහි අයටද වලංගු කරුණකි. මෙය සභා දුත සේවාවේ ම කොටසකි.
x බැහැදැකීම හා හමුවීම කළ යුත්තේ එක්තරා ආකාරයක සුදානමකින් හා යැදුමකින් අනතුරුවය. එය සම්බන්ධතා ගොඩ නඟන මාර්ගයකි. එය දේව ආදරය බෙදා දෙන පියවරක් විය යුත්තේ නැද්ද?
ස්නාවක ජුවාම්ගේ කර්තව්‍යය වුයේ ජේසු සමිඳාණන්ට මග සැකසීම සඳහා ජනතාවට පව් කමාව ලබා දෙමින් ජොර්දාන් නදියේ ස්නාපනයට කැඳවීමය. ජේසු සමිඳාණන්ට කිසිදු පාපයකින් තොර වූවත් එතුමාණන්ද එම පිළිවෙතට සම්බන්ධ වුයේ ජනතාව සමඟ සම්බන්ධවීමටය. එතුමාණෝ එසේ ජුවාම්තුමාගේ ස්නාපනය වැළඳ ගත්තේ තමන් වහන්සේද පාපිෂ්ඨයෙක් බව කියා පෑමටද? නැත. එහෙත් එයින් ජනතාව හා සමඟ සම්බන්ධවී ඔවුන්ගේ ම කෙනෙක් බව ඒත්තු ගැන්වීමටයි. එම අවස්ථාවේදී ස්නාවක ජුවාම් තුමා තමන්ගේ ස්ථාවරය මතක් කර දෙමින් ජේසු සමිඳාණන්ගේ සැබෑ ස්වරූපය එළිදරව් කිරීමට ජුවාම්තුමා මැලි නො වීය.
ගරු රිඩ් ෂෙල්ටන් (ක්‍රි.ක.ව- උපාධ්ය ) පියතුමාගෙ ලිපියක් ඇසුරෙන් සකස් කරන ලදි.
රංජන් ද මැල්
No comments:
Post a Comment