Saturday, November 23, 2013

ජේසු සමිඳාණන්ගේ ජීවිතාදර්ශය.......

ක්‍රිස්තුරාජ මංගලය්‍ය දිනට සමගාමිව......( නොවෑම්බර් 24 ඉරිදා )

ජේසු සමිඳාණන්ගේ ඉගැන්වීම් හා ජීවිත  පැවැත්ම මගින් ජනතාවට සැබෑ විමුක්තිය ස්ථාපිත කරනු ලැබුයේ කුරුසියේ මරණයට පත් කරනු ලැබ, මරණය පරාජය කරමින් උත්ථානයේ නව ජීවිතයකට පා තැබීමෙන්ය. දේව රාජ්‍යය ගැන කරුණු උගන්වමින් එය සැබෑ විමුක්තිය කරා යොමු වීමක් බවටත්, විමුක්තියට හිමිකම් කියන ජනතාව සහොදරත්වයෙන් වෙලෙන බවත්, එම බිහිවන සහොදරත්වය තුළ යුක්තිය හා සාධාරණත්වය රජ කරන ජනතාවක් විය යුතු බවටත් උන්වහන්සේගේ ඉගැන්වීම් වලින් පැහැදිලි වෙයි.

ජේසු කි‍්‍රස්තුන් වහන්සේගේ දේශන හරහා නව සමාජ දැක්මක් ඉදිරිපත් කරන්නේ එකිනෙකා අතර ඇතිවන ගැටඵ නිරාකරණය කරන අන්දමය. මතෙව් සුවිශේෂයේ වාර්තා කර තිබෙන කන්ද උඩ දේශනාව හරහා නව සමාජයේ සාමාජිකත්වය හැසිරිය යුත්තේ භාග්‍ය අට (මතෙ 5:1-8) පදනම් කර ගෙනය  සතුරාට කරන හතුරුකම් අතහැර දමා පේ‍්‍රම කිරීමටත්, වරදකරුවන්ට සමාව දීම  කොන්දේසි  විරහිත බවට ඉගැන්වුවා පමණක් නොව, තමන්වහන්සේව වධහිංසාවට ලක් කර කූරුසියේ එල්ලා මරා දමන විට පවා ඔවුනට ප‍්‍රකාශ කලේ  පියානෙණි ඔවුන් නොදැන කරන නිසා ඔවුනට සමා වුව මැනව, යන යාඤාවෙනි. 


උන්වහන්සේගේ නායකත්වය තමා ඉස්මතුවන නායකත්වයක් නොව දාස ස්වරූපය වැළඳගෙන අන් අය වෙනුවෙන් කැපවෙන නායකත්වයක් බව මරණයට පෙර පැවති අන්තිම රාති‍්‍ර භොජනයේදී තමන්ගේ ශ‍්‍රාවකයන්ගේ පාද සෙදීමෙන් (ජොහන් 13:2-15) මොනවට පැහැදිලි කරයි. 



තම ජීවිත පැවැත්ම තුළින් ජනතාව තූල රොපණය කළ චින්තන රටාව හරහා ගොඩ නැගුවේ  නව සමාජ වටිනාකම් බව ඉතා පැහැදිලිය. ජේසු සමිඳුන් මානව සහොදරත්වය ගොඩ නගන්නට අවැසි වන දේව පේ‍්‍රමය හා  අසල්වැසි පේ‍්‍රමය මුසු කරමින් නව වටිනාකම් සමුදායක් ලොවැසියන්ට ඉදිරිපත් කරන්නට සමත් විය.

ජේසු කි‍්‍රස්තුන් වහන්සේ ලොවට දානය කළ සමාජ රටාව තුළ දක්නට ඇති ලක්ෂණ සාරංශ ගත කිරීමෙන් අප සමාජයට උගත හැකි පාඩම් තේරුම් ගනිමු.

1 - පියණන් වහන්සේ කෙරෙහි ඇති ඒකායන විශ්වාසය තුළින් සියල්ල මෙහෙයවීමේ වැදගත්කම හුවා දක්වන අතර යාචඤාවෙන් සම්බන්ධතා ගොඩ නගා ගැනිමට කරුණු දක්වයි.

2 - දෙවියන් වහන්සේට පේ‍්‍රම කිරීමත් අසල්වැසියනට පේ‍්‍රම කිරීමටත් කරන ආයාචනය කිතු දහමෙ මුලික සදාචාරාත්මක ප‍්‍රතිපත්තිය බව පෙන්වා දෙයි.

3- ජනතාව සමග ඇති කර ගන්නා එකමුතුව හරහා උන්වහන්සේගේ වැඩ සිටීමෙන් 
නිරන්තරයෙන්ම උන්වහන්සේ හමුවීමටත් (මතෙ 18:19-20) එම හමුවීමෙන් ඵල ප‍්‍රයොජන භුක්ති විඳීමටත් අවස්ථාව ලබා දිම.

4-  උපමා ඔස්සේ දහම අසන්නන් තූළ සිත් කාවදින ආකාරයෙන් ඉගැන්වු උන්වහන්සේගේ දහම අනුව කුසගින්නෙන් පෙලෙන, පිපාසිතව සිටින, අසරණව, පීඩනයට ලක්වන ජනතාවට සංවේදි වෙමින් ඉටු කරන සේවය උන්වහන්සේට කරන සේවයක්  වශයෙන් හඳුන්වා දීම (මතෙ 25:31-46).

5- පේ‍්‍රමය කි‍්‍රයාවට නැංවීමෙ‘දී කොන්දේසි විරහිතව සතුරාට වෛර නොකර පේ‍්‍රම කිරීමට දෙන ආදර්ශය, යහපත් සමරිතානු වරයාගේ උපමාවෙන් පැහැදිලිය.

6- ගැටුම්කාරි ස්වරුපයක් පවතින විට (මතෙ 5:38:43) ජේසු සමිඳාණන් ඉගැන්වු පාඩම උදාහරණ තුනකින්  පෙන්වා දී ඇත. 

(ආ) කුලියට ගත් කමිසය නුදුන් නිසා උසාවියට ගියා උඩු කමිසය පමණක් නොව යටි ඇඳුම ගලාව දීමෙන් සම්පුර්ණයේ අධිකරණය අපහසුවට ලක් කිරීම, 

(ඇ) සොල්දාදුවෙක් කඳවුරෙන් කඳවුරට බඩු ගෙන යාමේදී මගියෙකු බලකරන්නේ කිලො මීටර්යක් එම බඩු ගෙන යාමටය. එවිට තවත් කිලො මීටර්යක් ගෙන යාමට ඉල්ලා සිටීමෙන් බලය පෙන්වු හමුදා භටයාව අවිනිශ්චිත බවකට ඇද දමයි, මෙම අවස්ථාවන් තුනෙන්ම පෙන්නුම් කරන පණිවිඩය නම් එකට එක කිරීම නොව අවිහිංසා කි‍්‍රයාදරකමින් ^Active non-violence&   හිංසනය, ප‍්‍රචන්ඩත්වය ජය ගැනිමේ මාර්ගයයි.

7- නැති  බැරි අයගේ ප‍්‍රශ්නවලට නිරන්තරයෙන්ම සංවේදිවීම, උන්වහන්සේ පසු පසවිත් දේශනවලට සම්බන්ධවු අයගේ කුසගින්න නිවා දැමීමට කළ පුප වැඩි කිරීමේ ප‍්‍රාතිහාර්ය එක් උදාහරණයක් පමණි.

8- මිදි වත්තේ උපමාව හරහා එහි සේවය කර වැඩ කරන ජනතාවට වැටුප් ගෙවීමෙදී පොරොන්දුවු ප‍්‍රමාණය ඉක්මවා යමින් සාධාරණත්වය මත පිහිටා වැඩිපුර යමක් ගෙවීමෙ. ආදර්ශයක් ලොවට පෙන්නුම් කරයි.

9-  ධනවතුන්ට එලව එලවා පහර නුදුන්නාට ධනය සෙවීමේදී අයුතු සාධාරණව කටයුතු කර ඇත්නම් සාකේවුස්ගේ සිද්ධිය අනුව යමින් වන්දි ගෙවීමෙ‘ ආදර්ශය ඉදිරිපත් කරයි. එසේම ධනවතුන් ස්වර්ගය කරා යොමු වීමේ ඇති දුෂ්කරතා පෙන්වා දුන්නේ එය ඔටුවා ඉදිකටු සිදුරෙන් ගමන් කරන්නාක් බව කීමෙනි.

10- කූඩා දරුවන් දේව රාජ්‍යයට ආසන්න බව ඔවුන් ආශීර්වාද කරමින්, පවසමින් (මතෙ 19:13-15) ඔවුනට වින කරන අයට ලබා දිය යුතු බරපතල දඩුවම් ගැන කරුණු දක්වයි.

11- ජේසු සමිඳාණන් වනිතාව ඉතා සුහද ලීලාවෙන් ආශ‍්‍රය කළ අතර ඔවුන්ගේ සහාය ලබා ගැනීමේ වැදගත්කම පෙන්වා දෙයි.

12- සමාජයේ දක්නට ලැබෙන පාපය ආත්මාර්ථය ජේසු සමිඳාණන් නිරන්තරයෙන් හෙලා දුටු අතර පාපයට යොමුවු පුද්ගලයන් ප‍්‍රතිකේෂ කරනු වෙනුවට ඔවුන් ගලවා ගැනීමට වෙර දැරීය. (උදාහරණ සමරිතානු ස්ති‍්‍රය හා අනාචාරයේ හැසිරුණු ස්ති‍්‍රය)

13 - තමන් වහන්සේගේ යහපත වෙනුවෙන් කිසිදු ප‍්‍රාතිහාර්යක් කිරීමට ඉදිරිපත් නොවු වග සුවිශේෂවල වාර්තා වී ඇත. විරුද්ධවාදීන් පවා උන්වහන්සේ වෙත පැමිණ ප‍්‍රාතිහාර්ය කිරීමට ඉල්ලා සිටි අවස්ථාවෙදී එය ප‍්‍රතික්ෂේප  කිරීම.

14 - සමාව දීමෙදී සත් වරක් ප‍්‍රමාණවත් දැයි ප‍්‍රශ්න කළ විට එය සත්වරක් නොව සත්වරක් සැත්තෑ වාරයක් සමාව දීමට උගන්වා(මතෙ 18:21-350 කුරුසිගත සිටින විට තමාව මරණයට පත්  කළ අයට සමාව දීමට යාඤා කළ සේක.

15 - ජනතාව දෙවියන් වහන්සේ හමුවන එකම දේවස්ථානය හොර ගුහාවක් බවට පරිවර්තනය කර තිබෙන බව දකින ජේසු සමිඳාණන් වෙළන්දන් පලවා හැරීමට ගත් උත්සාහය හරහා ජනතාව තලා පෙලා සිදු කරන අයුක්තිය සහගත සමාජ ව්‍යුහය වෙනස් කිරිමට (ජොහාන් 2:13-22) කළ කි‍්‍රයාවකි.

16 - දහම ප‍්‍රචාරයේදී මෙන් ම නීති අර්ථ කථන දැක්වීමෙදී ජනතාවගේ නිදහසට බාධාවක් වෙමින් එදා සමාජයේ වැජඹුණු ආගමික  නායකයන්ගේ දුර්දාන්ත වැඩ පිළිවෙළ ලොවට එළිදරව් කරන්නට මැලි වුයේ නැත.  ඔවුනට කිසිදු ආකාරයේ බියක් නො පෙන්වා "සත්‍යය” "යුක්තිය” "යහපත” පෙන්වා දුන්නේ ජනතාවට නිදහසේ සිතන්නට මග පෙන්වා දෙමින්ය.

17 - උන්වහන්සේ ඉතාමත් ආදර්ශමත් ගුරුවරයෙක් වෙමින් උගන්වන දේ ජීවත් වෙමින් ජනතාව සංවිධානය කළේ යටි අරමුණු සඵල කරගන්නට නම් නොවේ. සමාජය  තුළ "සාමය” "යහපත” "සත්‍යය” මිනිස්කම වැඩි වර්ධනය වන සමාජයක් ගොඩ නැංවීමටය.

18 - තමන්  වහන්සේ අහම්බෙන් මෙ ලොවට වැඩම කළේ නැත. සියල්ල සැලසුම් සහගතව එතුමාණො  ඉටු කළ සේක. ගැලවීමේ සැලස්ම ඉටු කරනු සඳහා ශ‍්‍රාවක පිරිසක් තොරා ගෙන ඔවුනට අවැසි පුහුණුව ලබා දීමටටද වග බලා ගත්තේය.

19 - ජේසු සමිඳාණන්ගේ සේවාවට නිතරම අකුල් හෙලන ලද සතුරා නම් සාතන්ය. සාතන් නිරන්තරයෙන් ම පරික්ෂාවලට ලක් කළ අතර ම එසේ යක්ෂාවේශ වු පුද්ගලයන්ට විමුක්තිය ලබා දීමට උන්වහන්සේ කටයුතු කළේය.

20 - සමාජයෙන් ප‍්‍රතික්ෂේපවු අය සොයා යාමේ අවශ්‍යතාවය පැහැදිලි කළ අවස්ථාවකි නැතිවු බැටඵවන් පිළිබඳ උපමාව (මතෙ 18:12-14)

21 - මිනිසුන්ගේ හොඳ හිත කෙරෙහි විශ්වාසය තැබීමේ අවශ්‍යතාවය (ලුක් 11:5-13) පෙන්නුම් කරයි.

22 - මිනිස් මට්ටමෙ සිට කළ හැකි දේ තිබුනත් පූර්ණ වශයෙන් යම් දෙයක් සාර්ථකව ඉටු කිරීමට ශුද්ධාත්මයාණන් වෙත යැපීමේ අවශ්‍යතාවය ජේසු සමිඳාණන්ගේ ඉගැන්වීම් වල අඩංගුය (ලුක් 211:18).

23 - ජේසු සමිඳුන්ගේ ජුදා නොවන ජනතාව මෙන්ම ආගම් අදහන්නන් කෙරෙහි දැක්වු විවෘත භාවය පැහැදිලි වන  අවස්ථාවන් තුනක් දැක්විය හැකිය.

පළමු අවස්ථාව : සමරිතානු ස්ත‍්‍රිය සමග ඇතිවු සංවාදය (ජොහන් 4:1-42).

දෙවන අවස්ථාව :කනානිය ස්ති‍්‍රය සමග ඇතිවු සංවාදය (මාක් 7:24-30 , 
මතෙ 15:21-28) හා 

තෙවන අවස්ථාව : ශතාධිපතියාගේ සේවකයා සුවකිරීමෙ සිදධිය (මතෙ 8:5-13) ජොහන් 4:46-54)

24 - ජේසු සමිඳාණන්ගේ ජීවිතයේ ඉතා ප‍්‍රධානතම කර්තව්‍යය වුයේ දුක්විඳීම මරණය හා උත්ථානයයි. එය එක පදයකින් හඳුන්වන විට පාස්කුව යනුවෙන් නම් කළ හැකිය. පාස්කුව යන පදයේ අරුත එතෙරවීම වුවත් එයින්  පිළිබිඹු වන්නේ ජීවිතයේ උදාරත්වයයි. මරණය පරාජය කිරීමකි. ඝාතන සංස්කෘතියට එරෙහි වීමකි. මිනිසියාවට නව ජීවනමගක් එළිපෙහෙළි කිරීමකි. නව මිනිසුන් බවට පත්වන සැමට අන්ධකාර ජිවිත මග වෙනුවට ආලොකයේ මාර්ගයට පිවිසීමය. මෙම පාස්කු සංසිද්ධිය මැවිල්ල නවතාවයකට පත් කරමින් පරිසරයට කරන බලපෑම ඉතා මහත්ය.


ජේසු සමිඳාණන්ගේ ජීවතාදර්ශයෙන් ඉදිරිපත් කළ සාරංශගත කරුණුවලින් පැහැදිලි වන්නේ කුමක්ද? මානවයාගේ පොදු "යහපත” "මානව උදාරත්වය” "නිදහස” "සමානාත්මතාවය” වැනි ගුණාංගයන්ය.  මේ කරුණු අන් ආගම්වල දක්නට ලැබේ. එසේම "සාමය” "සමගිය” "සන්හිඳියාව” "යහපත” වැන ධර්ම ගූණ  අනුව ජීවත් වීමේ වැදගත්කම පෙන්වා දෙයි. මේ සියල්ල හුදු සංකල්ප වශයෙන් පමණක් නොව එදිනෙදා ජිවිතය තුළ කි‍්‍රයාත්මක කිරීමේ අවශ්‍යතාවය ඉස්මතු කළ හැකිය. 


ඉතිරි කොටස බලාපොරොත්තු වන්න.......

රීඩ් ෂෙල්ටන් ප‍්‍රනාන්දු පියතුමා

Published by: 
Ranjan De Mel.
http://stjosephschurchkanuwana.blogspot.com

No comments:

Post a Comment