කාඩයින් දැක්ම එදා මෙන් අදත් අද මෙන් හෙටත් එකසේ වලංගුයි.
නව පරපුරක්, නව කම්කරු පංතියක්, මානුෂිකවුත්, ප‍්‍රතිපත්ති පදනම් කරගත් ජිවිතය පිළිබඳව නව දෘෂ්ඨියකින් වූත් කම්කරු පංතියක් ගොඩනැංවීමට අවශ්‍ය වු අවස්ථාවක දෙවියන් වහන්සේ විසින් තෝරාගන්නා ලද මනුෂ්‍යයා විය. පුජකයා විය. සභාවේ උතුම් කුමරා විය.
"ඒ අන් කවරෙකු වත් නොව ජෝශප් කර්දිනල් කාඩයින් හිමිපාණෝය.’’
‘‘20 වැනි ශත වර්ෂයේ අපෝස්තුළුවරයා යන විරුදාවලියට හිමිකාරයාණන් වූ ජෝශප් කාඩයින් හිමිපාණන්ගේ අනාගත දැක්ම, දර්ශනය හා ක‍්‍රමෝපායයන් ශිෂ්‍ය, තරුණ, තරුණියන්, වැඩිහිටි කම්කරුවනට පමණක් සීමා නොවීය. එතුමා නව ළමා පරපුරක්, නව තරුණ ජනතාවක්, නව කම්කරු ලොවක් හා නව පවුලක් නැතහොත් නව යුවලක් තුළින් නව පවුලක් හා එමගින් ක‍්‍රිස්තුස් වහන්සේට නව ලොවක් බිහිකිරීම පිළිබඳව ස්ථිර විශ්වාසයක් තැබු ඒ පිළිබඳව නිරතුරුවම වෙහෙසුනු කැපවූ පූජක තුමෙකු විය. නිතැනින්ම එතුමා සමුහයා අතර සමුහයන්ගේ පූජකයා විය. එකී අරමුණ සාක්ෂාත් කර ගනුවස් එතුමා නොනැවතී ඉදිරියටම ගියේය. කාඩයින් හිමි ස්වකීය ජිවිතය (ත.ක‍්‍රි.ක.-y.c.w) ව්‍යාපෘතිය වෙනුවෙන් සම්පුර්ණයෙන්ම කැප කළත් එය තුළින් එතුමා බලාපොරොත්තු වුනේ අප රජාණන් වන ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ තුළ ‘නව සමාජයක්’ ‘නව ලොවක්’ බිහිකිරීමයි.
පවුලේ වතගොත හා ආභාෂය හෙන්රි කාඩයින් වු පියා කියවීමට හෝ ලිවීමට නොහැකි නූගත් ගල් අඟරු විකුණන කරත්ත කරුවෙකු වු අතර මව සුළු අධ්‍යාපනයක් ලද මෙහෙකාර කම් කළ ස්ත‍්‍රියක් වුවාය. දරුවන් පස් දෙනෙකුගෙන් සමන්විත වු මෙම පවුලේ වැඩිමහල් පිරිමි දරුවා වු ජෝශප් කාඩයින් මෙලොව එළිය දුටුවේ 1882 නොවැම්බර් මස 13 වැනි දින දීය. තම දුප්පත් පියාගේ අත මීට සුළු වශයෙන් හෝ තර කිරීම සඳහා හල් නගරයේ වීදි ඔස්සේ ගල් අඟරු කරත්තය තල්ලූ කළ 14 වයසැති මෙම දිළිඳු කොලූ ගැටයා අතින් තරුණ කම්කරුවන් අනුගමනය කරමින් පාසලෙන් කම්හලට හෝ වැඩපොලට අවතීර්ණවීම පසෙක දමා තම සිත්හි කැකෑරෙන දෛනික ලෝකයේ ප‍්‍රශ්න හා ගැටළු වලට මුහුණපාන ජනතාවට නිසි ක‍්‍රිස්තියානි විසඳුම් සභාව තුලින් සොයා දෙනු වස් තමා කැපවී. ක‍්‍රියාකාරි වීම යන මේ දෙක අතර දෝලනය වන්නට විය.
පුජක කැඳවීම වටහාගත් ආකාරය
අන් බොහෝ අයට වඩා වෙනස් වු ආකාරයකින් තරුණ ජෝශප් කාඩයින් තුමා තුළ කැකෑරෙන පූජක කැඳවීම නිශ්චිත අවස්ථාවන් තුනකදි වටහා ගත්තේය :-
1. වයස අවුරුදු 11 - 14 දක්වා වු තම කුඩා මිතුරන් කර්මාන්තශාලා හා වැඩපොළවල් වලට අවතීර්ණය වීමෙන් පසු ඔවුන් තුළ ඇති වී තිබු අදහාගත නොහැකි විපර්යාසය. එනම් ඔවුන් රැකියාව හේතුකොටගෙන සභාවෙන්, ධර්මයෙන් හා විශ්වාසයෙන් ඈත්වීම.
2. ගිහිගෙය අතහැර දමා පූජක සිසුවෙකු වීම හේතුකොට ගෙන තමා සමඟ ඇසුරු කළ, එකට පාසල්ගිය මිතුරන් තමාව ප‍්‍රතික්‍ෂෙප කිරීම, සභාව හා පූජක පැලැන්තියට එක්වීමට ගිය තමාව, වැඩකරන ජනතාව හා කම්කරු පංතියේ ද්‍රෝහියෙකු හැටියට ඔවුන් සැලකීමේ වේදනාව.
3. තම සාදරණීය පියාණන්ගේ මරණ මංචකය ඉදිරියෙහි දුන් අචල පොරොන්දුව ‘‘තාත්තේ ඔබ මා නිසා මැරුණ මම ඔබ වැනි කමකරුවන් වෙනුවෙන් මැරෙන්නට පොරොන්දු වෙමි".
මුතු කාලයකදී බිහිවීමට නියමිත (ත.ක‍්‍රි.ක) ව්‍යාපාරයේ මුල් බීජය, එවකට පූජක සිසුවෙකුට සිටි ජෝශප් කාඩයින්ගේ සිත තුළ පතිත වුයේ දැනට වසර 115 ට පමණ පෙර එනම් වර්ෂ 1896 පමණහි දීය. මෙවන් අචල පොරොන්දුවක් ප‍්‍රකාශ කිරීමට හේතු කාරක වන්නටෙ ඇත්නම් එවකට ප‍්‍රංශයේ පැවැති ,"LE Sillon (The Forrows)" නමැති කතෝලික ගිහි සංවිධානයේ සභාපති තැන්පත් මාර්ක් සැංජනියර් (Mark Sangnie) විසින් එවකට පූජා ප‍්‍රසාදිවරය අතහැර ගොස් පූජක විරෝධියෙකු වශයෙන් තර්ක විතර්ක ඉදිරිපත් කරමින් කතෝලික සභාව විවේචනය කළ (චාර්බොනෙල් - Charbonel ) නමැත්තෙකු සමඟ සභාවේ නිදහස සහ ආරක්ෂාව තකා කරන ලද ප‍්‍රසිද්ධ විවාදයක් කැළඹිලි සහිත කලහකාරි තත්ත්වයකින් අවසන් වීමෙන් කතෝලික ජනතාව තුළ හටගත් සංඝට්ටනය තරුණ දෙව්සත්හල් සිසු ජෝශප් කාඩයින්ගේ සදාදරණීය පියාණන්ගේ අභාවයට දින දෙකකට පෙර සිදුවීම විශේෂාකාරයෙන් තද බල ලෙස ඔහුගේ සිතේ බලපාන්නට ඇතැයි විශ්වාස කෙරේ.
නොයෙක් අත්හදා බැලීම්
වර්ෂ 1909 දී පූජකවරයට එසවීමෙන් පසු ලීකන් මීසමට මාරුවීමක් ලැබීමෙන් අනතුරුව එතුමාගේ භාරයට පැවරුණු තරුණියන්ගේ ක‍්‍රීඩා සමාජය තුළින් යොවුන් ප‍්‍රශ්න හා ගැටළු සාකච්චාවට භාජනය කරන සාකච්චා කණ්ඩායම් පිහිටුවා රැකියාව සහ වැඩකිරීම පිළිබඳව පළමුවැනි වරට සාකච්චා වාරයක් මීසමේ ආරම්භ කරන ලදී. එමගින් ඔවුන් තුළින් රෙදි මහන කාන්තාවන්ගේ වෘත්තීය සමිති ශාඛාවක් පිහිටුවා ගන්නා ලදී. තවද මීසම් වැඩිහිටි කාන්තාවන් සඳහා ක‍්‍රිස්තියානි කාන්තා සේවිකාවන්ගේ සංගමයේ ශාඛාවක් හා තරුණ ආධුනික සේවකයන් සඳහා ආධුනිකයන්ගේ වෘත්තිය සමිතියක් හා යුද්ධය හමාවරවීමෙන් පසු පෙරලා පැමිණි එතුමාගේ ගිහි සගයෙකු වන ෆර්නන්ඞ් ටොනට් (Fernand Tonnet) සමඟ සහභාගිත්වයෙන් අනිත් තරුණ කම්කරු කොටස් ඒකාබද්දව ‘‘තරුණ වෘත්තීය සමිතිකයෝ’’ යන නමින් සංවිධානයක් ද ආරම්භ කරන ලදී.
බෙල්ජියානු කතෝලික තරුණ සංවිධානය (ACJB) සහ ‘‘තරුණ වෘත්තීය සමිතිකයින්’’ අතර හටගත් ගැටුම (ACJB) තරුණ සංවිධානය හා තරුණ වෘත්තිය සභිකයන් අතර උද්ගත වු ගැටුම තුළ තරුණ කාඩයින් පියතුමන්ගේ ස්ථාවරය වූයේ රැකිරක්‍ෂා කරන ජනතාව තුළ ඇති කම්කරු වගකීම් අත්‍යාවශ්‍ය කොන්දේසීන් වන අතර ඉන් බැහැරව වැටුප් ලබාගැනීම සඳහා ශ‍්‍රමය පූජාකරන ජාතියේ තරුණ තරුණියන් හට සභාව තුළ ඔවුන්ට හිමි නිසි තැන හා ගෞරවය හෝ සුවිශේෂ ලෝකයෙන් හා සුපුවතේ ලීලාවෙන් ඔවුන්ගේ ජිවිත පරිවර්තනය කිරීමේ අත්‍යාවශ්‍ය කටයුත්ත නිසියාකාරව ඉටු නොවන බවයි.
ඊට ප‍්‍රතිවිරුද්ධ (ACJB) තරුණ සංවිධානයේ ආත්මික අධ්‍යක්‍ෂවරු එය ක‍්‍රිස්තු අතීන්ද්‍රිය දේශයෙන් කොටසක් කඩාගෙන යෑමක් හැටියට හුවා දැක්විය. තවද එමඟින් පංති සටන අවුළුවාලන බවත්, තරුණ ‘කම්කරු’ ව්‍යාපාරය බෙල්ජියානු පොදු තරුණ සංවිධානයට අනුබද්ධ කිරීම එකී සිරුරට වෛරසයක් ඇතුළු කිරීම හා පිළිලයක් රෝපනය වීමට ඉඩ හැරීමක් වැනි බවත් (ACJB) උපාධ්‍යවරුන්ගේ දැඩි විවේචනය වුයේ ක‍්‍රිස්තු අතීන්ද්‍රිය දේහයෙන් කොටසක් කඩා ගෙන යෑමට අවකාශ සැලැස්වීමක් වැනි බවත්ය.
එනමුත් පාසල් යන හෝ අධ්‍යාපනය හමාර කළ පොදු තරුණ, තරුණියන් හට රැකියා ජිවිතයේ ප‍්‍රශ්න ගැටළු හා අභිලාශයන් පිළිබඳව කිසිම දැනුමක් හෝ වැටහීමක් නැති බවත් එසේ කිරීමට නම් කතෝලික පොදු තරුණ සංවිධානය තුළින් ඉදිරි කාලයේදී රැකියාවට අවතීර්ණය වීමට නියමිත යෞවනයින් හට ඒ පිළිබඳව දැනුවත් කිරීමත්, අවබෝධයක් හා රැකියාවන් කරන විට විඳින්නට වන අකටයුතුකම්, සිත් තැවුල්, වෘත්තීය ප‍්‍රශ්න හා ගැටළු, සූරා කෑම් සේවක වගකීම් හා යුතුකම් රැකියාවේ ඇති ක‍්‍රිස්තියානි වටිනාකම්.
විවියන් සිල්වා
අනුග‍්‍රහය ඥානාත්‍ථ ප‍්‍රදීපය
==============================================================
..........සොයාබැලීම, විනිශ්චය කිරීම, ක‍්‍රියා කිරීම.........
නැමති ක‍්‍රමවේදය අනුගමනය කරමින් අන් අය හමුවී, මුණගැසී කි‍්‍රස්තුස් වහන්සේව අනාවරණය කරගෙන එතුලින් ක‍්‍රියාත්මක කිරිම සඳහාම ඇප කැපවූ කාර්දිනල් ජෝශප් කාර්ඩයින් හිමිපාණන්ය.
කාර්දිනල් ජෝශප් කාර්ඩයින් හිමිපාණන්.
වසර 1912 දී බෙල්ජිමේ බ‍්‍රසල්ස් නුවර ලීකන් නැමති ප‍්‍රදේශයේ මීසමක කි‍්‍රයාකාරී වූ කාර්දිනල් හිමිපාණන් ‘‘හමුවන්නන්ගේ ක‍්‍රමය’’ නොහොත් අන් අයව දැන ගැනීමේ පිළිවෙත කි‍්‍රයාවට නැංවීය. ඒ තුළම කි‍්‍රයාකාරී වූ හිමිපාණන්ගේ මෙම වැඩ පිළිවෙල කාර්ඩයින් දැක්ම, චින්තනය. දර්ශණය සහ කි‍්‍රයාකාරීත්වය ලෙස විසි වෙනි සත වර්ෂය තුළ ලෝකයේ බොහෝ රටවල ප‍්‍රචලිත විය.
ශිෂ්‍ය. තරුණ හා වැඩිහිටි, ගොවි, කම්කරු, ව්‍යාපාරික, පරිපාලන ශ‍්‍රමිකයන් සියල්ලන්ට නිරන්තරයෙන් පැන නගින තම සේවා ස්ථාන කටයුතු, රැකියා, වගකීම්, අයිතිවාසිකම්, ආරක්‍ෂාව, සාධාරණය, යුක්තිය ඉෂ්ඨවීම පිළිබඳව ප‍්‍රශ්න හා ගැටළු විවිධ වීමත්, බැරුම් වීමත් සංකීර්ණ වීමත් හේතු කොටගෙන එහි අභියෝගයන්ට මුහුණ දිය හැකි කි‍්‍රස්තියානි කම්කරු ව්‍යාපාරය (වැඩිහිටි කම්කරු කණ්ඩායමක්) පිහිටුවීමට මග පෑදුනේ, 1950 දී ගරු හෙන්ක් ස්ක‍්‍රම් (නි.ම.නි) පියතුමා දැමූ අඩිතාලමෙනි. 1953 දී මෙම ව්‍යාපරයට ශ‍්‍රී ලංකා රදගුරු මණ්ඩලයේ අනුමැතිය දානය කරන ලදී. ජාතික මට්ටමින් ව්‍යාප්ත වූ කි‍්‍රස්තියානි කම්කරු ව්‍යාපාරය වර්ෂ 1959 දී තම පළමුවෙනි ජාතික සමුළුව මහනුවර පවත්වන ලදී.
කාර්ඩයින් හිමිපාණන්ගේ දර්ශණය තුළ සතිපතා, මාස්පතා රැස් වන අප කම්කරුවෝ පළමුව ශුද්ධවූ සුවිශේෂය විග‍්‍රහයේ යෙදෙති, ව්‍යාපාරය තුළ කි‍්‍රයාකාරීවන අප සමාජය තුළ විග‍්‍රහයේ සහ ක‍්‍රියාවේ යෙදෙන්නේ ‘‘කතෝලික සමාජ දර්ශණය’’ සහ ‘‘වෙහෙසෙන මිනිස්සු’’ නැමති විශ්ව ලේඛන හැදෑරීම තුලිනි. කාර්ඩයින් හිමිපාණන් ලොවට ඉදිරිපත් කළ මෙම දර්ශණයට 2012 වසරේදී වසර සියයක් සම්පූර්ණ වේ.
රංජන් ද මැල්
No comments:
Post a Comment