Saturday, November 23, 2013

මානව අයිතිවාසිකම යනු කිම ?


‘අයිතිවාසිකම’ යනුවෙන් නිර්වචනයක් ඉදිරිපත් කරන විට මිනිසාට ස්වභාවයෙන්ම අයිතිවන කරුණක් වශයෙන් සඳහන් කළ හැකිය. එය කිසි කෙනෙක් විසින් ලබා දෙන දෙයක් හො ලබා ගත හැකි දීමනාවක් හො නොවන බවද සිහිපත් කළ යුතුය. මිනිසා ජීවියකු වශයෙන් තම ජීවිතය ජීවත් වීමට අත්‍යන්තයෙන්ම හිමිවන අයිතියකි. එනම් මානව උපතින් ම  හිමිවන්නකි.

ඒ අනුව ජීවිතයට එලෙස ජීවත්වීමට ඇති අයිතියට ප‍්‍රමුඛතා ලැයිස්තුවෙ ‘පළමු තැන හිමි වෙයි’ එයට හේතුවන ප‍්‍රධාන කරුණ වන්නේ මානව උදාරත්වයයි’ මෙම  උදාරත්වය හා සබැඳෙන කරුණු දෙකක් ඇත. 

ඒවා නම් ‘බියෙන් නිදහස් වීම’ ^freedom from fear හා හිගතාවයෙන් නිදහස් වීමය ^freedom from wantමානව ඉතිහාසය ආරම්භයේ සිටම  මිනිසාව අසරණ තත්වයට පත් කිරීමට හේතුවන මෙම කාරණා දෙකෙන් ම මිදීමට නැතහොත් නිදහස් මිනිසා වෙර දරා ඇත. එම උත්සාහය මානව හිමිකම් සනාත කිරීමකි.  


එසේ ම මිනිසා සමාජමය ජීවිතයකට යොමුව ඇති නියාවෙන් සමාජ දිවියක් තුළ දිවි ගෙවීමට අවැසිවන අයිතීන් සමුදායක්ද ඇත. එකිනෙකා සමග ගනුදෙනු කිරීමෙදී එක සමානව සැලකීමෙ අයිතියක්ද ඇත. මෙලොව තමා පමණක් වැඩ සිටින බව සිතා අන් අය ගැන නො තකා ජීවත් විය නො හැකිය. තමාට හිමිවන දෑ අන් අය තුළ ද කි‍්‍රයාත්මක විය යුතුය. යම් කෙනෙකුට හිමිවන අයිතියක් තවත් කෙනෙකුට පැවරීමක් ද කළ නොහැකිය මානව හිමිකම් අන් සතු කිරීමට කිසිදු ඉඩක් නො ලැබෙ.

මිනිස් අප සෑම කෙනෙකුටම අභිමානවත් ආකාරයෙන් දිවි ගෙවීමෙ අවස්ථාව සැම විටම තිබිය යුතු වේ. එම සැලකිල්ල ස්වල්ප දෙනෙකුට පමණක් නොව සැමටම හිමිවන්නකි. ඒ අනුව මානව හිමිකම් විශ්වනීය බව සනාථ කරයි. එසේම සැමට තම ජීවිතයෙන්ම හිමිවන අයිතීන් කිසි ම කෙනෙකුට උදුරා ගැනීම හො ඉවත් කිරීම කළ නො හැකිය. ළමුන් ගැන අවධානය යොමු කරන විට ඔවුන්ට කිසිම හව්හරණයක් නොමැති ඔවුන් කිසි දෙයක් නො දන්නා බව කියමින් ඔවුනට අයිතීන් නැත යයි කිව නො හැකිය.

තවද මානව දුබලකම් නිසා ආබාධිත තත්වයේ සිටින කෙනෙකුට පවා අයිතීන් හිමි බව තේරුම් ගත  යුතුය. එයාකාරෙයන් ම මානව හිමිකම් නො බෙදිය හැකි වන අතර එකිනෙකාට වෙනස්කම් දැක්විය නොහැකිය. තව දුරටත් නීරීක්ෂණය කරන විට පෙනී යන්නේ හිමිකම් අතර පරස්පරයක් නොමැති බවය. මානව හිමිකම් ක‍්‍රමයෙන් සම්පූර්ණත්වය කරා පියවර මනින බවක්ය.

ගරු රිඩ් ෂෙල්ටන් පියතුමා.

Published by: Ranjan De Mel.

http://stjosephschurchkanuwana.blogspot.com



No comments:

Post a Comment