Friday, April 4, 2014

දේව රාජ්‍යයේ දොරටු විවර කළ විමුක්තිදායක ගැලවුම්කරුවා.


ජේසු සමිඳුන්ගේ විමුක්තිදායක ක‍්‍රියාවලිය වන දුක්විඳීම, මරණය සහ උත්ථානය නම් වූ තෙවැදෑරුම් පාස්කු අභිරහස උත්කර්ෂවත් අන්දමින් හා ඉමහත් ගැඹුරින්   "පරිස්මරණය" කරන්නට, එනම් එහි අරුත අද දවසේ නැවත ජීවත් කරවන්නට වෙර දරණ කාලයයි.


විමුක්තියේ ජේසු

ඉපදුනේ ගව මඩුවක, හැදුනේ වැඩුනේ වඩු මඩුවක, පැටළුවේ අව නඩුවක, මියැදුනේ කුරුසියක.

උපතේදීම දුප්පතෙක්, අධ්‍යාත්මික දිළිඳුකම අගය කල කෙනෙක්, හිස තබන්නට තැනක් නැති මුත්, මුලූ මහත් සක්වලටම අයිතිය කීවෙක්.

දේව ගරු බිය ඇති යහපත් ජුදා ආගමිකයෙක්, මහත් වූ බැතියකින් හා අවබෝධයකින් වත් පිළිවෙත් හා නීති රීති අනුගමනය කළ මුත් ඇතැම් නීති රීතිවලට එරෙහි වූ අයෙක්, නීතිය සම්පූර්ණ කරන්නට පැමිණි බව පැවසූවෙක්.

සමාජයේ කොන් කරන ලද අය, පව්කරුවන්, රෝගීන්, විජාතිකයින් පිළිගත් කෙනෙක්, ඔවුන්ගේ පව් කමා කර සුව කර නිදහස් කළ කෙනෙක්.

ඇදහූ දෙවිඳු පේ‍්‍රමය තුළ කටයුතු කළ කෙනෙක්, සතුරන්ට පේ‍්‍රමය කරන්න. එකට එක නොකරන්න. වෛර කරන්නන් උදෙසා යාඥා කරන්න ඉගැන්වූ කෙනෙක්. ජනතාව පීඩාවට පත් කරමින් දයාවෙන් තොරව පිට පොත්තට මුල් තැන දුන් ආගමික නායකයින් හා ඔවුන්ගේ  ක‍්‍රියාවන් හෙලා දකිමින් අභියෝගයට ලක් කල කෙනෙක්.

බොහෝ වද දී මරනු ලැබුවද මරණය පරාජය කර සකල විශ්වයටම උත්ථානයේ නව ජීවනයේ රහස ප‍්‍රකාශ කල කෙනෙක්.

උන්වහන්සේ ලියූ දෙයක් නැත, එහෙත් එතුමා ගැන ලියැවුණු දෙයට සීමාවක් නැත.

අවුරුදු තුනකින් එතුමාගේ දේශනා නිමා විය. එහෙත් එහි හරයට කාලසීමාවක් නැත.

එතුමා මානව ඉතිහාසය නව මං ගැන්වූ සංධිස්ථානයකි. කාලයද යුගයද අද මනිනු ලබන්නේ එතුමා  කේන්ද්‍ර කරගෙනය.

ජේසුස් වහන්සේගේ මරණයට බලපෑ ආසන්නතම හේතුව අපට කිසිදා අමතක කල නොහැක. සැබවින්ම වැදගත් වන්නේ උන්වහන්සේව මැරුවේ "කෙසේද?" යන්න නොව "ඇයිද?" යන්නයි.




පේ‍්‍රමය, පිළිගැනීම, යුක්තිය හා සමාව දීම මත පදනම් වූත් සියලූ දේශපාලනික හා ආගමික මර්දන වලින් තොරවූත් සමාජයක් දෙවියන් වහන්සේ සැලසුම් කරන බව ජේසු සමිඳුන්ගේ පණිවුඩය විය.

සමාජයේ කොන් කෙරූවන් වැළඳ ගනීම, අසරණ, පීඩිත දිළිඳුන්ගේ පැත්ත ගැනීම, තරාතිරම් නොබලා මානව අයිතීන්, සමානාත්මතාවය, සාධාරණය ගැන කතා කිරීම හා ක‍්‍රියා කිරීම පරිසිවරුන්ට, නායක පූජකයන්ට හා ඔවුන්ගේ හිතෛශීන්ට අනුව ජේසු කල මහා පාප කර්මයකි. ජාති ද්‍රෝහි, දේව ද්‍රෝහි, අධිරාජ්‍ය විරෝධි ක‍්‍රියාවකි.

එලෙස ජේසුගේ මරණය දේව සැලැස්ම තුල එතුමා මුල පිරූ ජීවිත ක‍්‍රමයේ හා දේශනා කල පණිවුඩයේ ප‍්‍රතිඵලයකි. එතුමා ප‍්‍රාර්ථනා කල සාමාජීය හා ආගමික විකල්ප සමාජයේ බහුතරයකට බලාපොරොත්තුවක් දුන් නමුදු එය මෙකල මෙන් එකලත් බොහෝ සෙයින් විප්ලවකාරී ක‍්‍රියාවක් විය. එම නිසා අධිරාජ්‍ය විරෝධී කැරලිකාරයෙකු ලෙස උන්වහන්සේට මරණීය දණ්ඩනය හිමි විය.



ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසා මරා සොහොන්ගෙයි තැන්පත් කරනු ලැබුවද මරණයට උන්වහන්සේව යටපත් කරන්නට නොහැකි විය. දෙවි පියාණන් වහන්සේ උන්වහන්සේව මරණින් උත්ථාන කළසේක.

මෙලෙස ජේසූස් වහන්සේ මාර්ගයද, සත්‍යයද, ජීවනයද බවට, විමුක්ති මාර්ගය බවට දෙවි පියාණන් වහන්සේ සහතික කළසේක.

උන්වහන්සේ දුක් විඳ, ජීවිතය පූජා කර අපට පෙන්වන්නේ මැරෙන හැටි නොව ජීවිතය ජයගත යුතු ආකාරයයි.


ක්‍රිස්තුනි ඔබට නමස්කාරකොට ස්තුති ප්‍රශංසා කරමු 

මක්නිසාදයත්, ශ්‍රි කුරුසයෙන් ඔබවහන්සේ මේ ලෝකය ගලවාගත් සේක.


රංජන් මැල් 
(අන්තර්ජාලිය සයිබ අවකාශය තුලත්, දේව වචනය මාංශගතකිරිමේ වෑයමකි.)




Thursday, February 20, 2014

කෝටිපතියෙක් වෙන්න ආසද? Do you want to be a Billionaire or Game Changer?


ඔබ ඉංජිනේරු වරයෙක්ද? ගුරුවරයෙක්ද? වෛද්ය වරයෙක්ද? බස් ඩ්රයිවර් කෙනෙක්ද? ඔය විදියට තව කොච්චර නම් කිවුවත් අපේ රටේ බහුතරයක් ඔබ සියලු දෙනා කම්කරුවොය. මාසෙ අන්තිමට පඩියක් ගන්නව, ඒක ඉවරවෙනකම් වියදම් කරනවල නැත්නම් ගොඩගහන් ඉන්නව. ඒ අපේ රටේ මිනිසුන්ගේ ආකාල්ප, ව්යාපාරයකට ආයොජනය කරන්නෙ කීයෙන් කී දෙනාද? එතකොට ඔය ඉහත කිවුව වෛද්යවරු, ගුරුවරු පුද්ගලිකව තමන්ගෙ දැනුමින් හම්බකරන ක්‍රම තියෙන්නෙ, එතකොට ඔවුන් ව්යාපාරිකයන් නෙවීද? ඔවු ව්යවසායකයොල ඒත් එකට ගරනව කියල විශේෂ පදයකුත් එකතු වෙන්නෙ නැත්නම් තමයි හොඳ. හැබැයි මේ කතාබහට අදාලවනම් ඔවුන් තාමත් කම්කරුවො.

ඇත්තටම රටක් දියුනු කරන්න නම් ඒ රටේ ඉන්න ඕනි ව්යවසායකයින්. ඔබට කොටිපතියෙක් එහෙමත් නැත්නම් Game Changer කෙනෙක් වෙන්න ඕනිනම් වෙන්න ව්යකවසායකයෙක්. ඇමරිකන් මිනිසුන් බහුතරයකගේ සිතේ තියෙන්නෙ තමන් එකතු කල මුදල් ආයෝජනය කරන්න. බොහෝදුරට හම්බවෙන මුදල් මුලදී තමන් පටන්ගන්න ඉන්න දෙයහි පර්යේශන සඳහා වියදම් කරනව. පස්සෙ ඒ දේ මගින් ව්යාසපාරය පටන් අරන් මුලු ලෝකයම හොල්ලනව. එහෙම මුලු ලෝකයම නැතත් මුලු ලංකාවම හොල්ලන ව්යිවසායකයෙක් වෙන්න නම් ඔබ කලයුත්තේ නිෂ්පාදනයක් මගින් ව්යාපපාරයක් පටන් ගැනීමයි.

Saturday, January 11, 2014

ස්වාමින් වහන්සේගේ ස්නාපන මංගල්‍යය 2014 ජනවාරි 12


ස්නාවක ඡොහාන් තුමන්ගේ සාක්ෂිදැරිම




මෙසියානික අපේක්ෂාවෙන් පෙළුනු සමාඡයට ගැළවීම තවත් දුර බව ඇසෙන්නට විය. මෙසියා නැතිනමි කි‍්‍රස්තුස්ගේ පැමිණීම විමුක්තියේ උදාව බව එවුන් අපේක්ෂා සහගතව සිටියහ. එය සුළුපටු කාලයක් නොවේ. නමුත් ඒ සඳහා මාර්ගයක් තැනීමට කිසිවකු උත්සුක නොවු සමාඡුයට කි‍්‍රස්තුස් සඳහා මාර්ගය පිළියෙල කරන්නැයි පාලුකරයේ මොරගා කියන හඬ ස්නාවක ඡොහාන් විය. අන්ධකාරයට රඡ කල සමාඡයක අලෝකයේ උදාවට එකදූ හෝ පහන් සිලක් වනු සඳහාම වු මහා තීරණය ඡොහාන්ම විය. එලෙසම ඡොහාන් බැහැපත්කමෙ පරමාදර්ශය විය. එඩිතර බවේ ප‍්‍රතිමුර්තියයි. අන්ධකාරයට එරෙහි වන්නට ගත් තීරණය නිසාම තම හිස දීමට තරමි අභීත විය. ඒ මහා යුග පුරුෂයා ඉදිරියේ නුතන අන්ධකාරය තුල ඔබ මම.....කවුද? කොතැනද? අපගේ තීරණය කුමක්ද ? 

Wednesday, December 11, 2013

කතෝලික අනුශාසනා පත්‍රයෙන් ආණ්ඩුවට අවවාද.......



ජනාධිපතිවරයාට පූර්ණ බලතල පැවරෙන වත්මන් ශ්‍රි ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක අවශ්‍යතාවයන්ට නො ගැලපෙන නිසා ශ්‍රි ලංකාවට නව ව්‍යවස්ථාවක් අවශ්‍යකරන කරන බව ශ්‍රි ලංකා කතෝලික රදගුරු සම්මේලනය පෙන්වා දෙයි.

 "අප දේශය සමගි සංධානය තුළින් යළි ගොඩ නැංවීමක් කරා” නමින් අනුශාසනා පත්‍රයක් එළිදැක්වීම මගිනුයි. කතෝලික සභාව එම අදහස් පළ කරන්නේ.

කතෝලික රදගුරු සම්මේලනය අවසන් වරට මෙලෙස අනුශාසනා  පත්‍රයක් ඉදිරිපත් කලේ 1984 වසරේයි.


ශ්‍රි ලංකාවේ පොදු ප්‍රශ්න පිළිබඳව හා රට යන මග පිළිබඳ ව කතෝලික ජනතාව හා රටේ සෙසු පොදු ජනතාව දැනුවත් කිරීම සිය අනුශාසනා පත්‍රය නිකුත් කිරීමේ අරමුණ බව ශ්‍රි ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති මැල්කම් රන්ජිත් හිමිපාණෝ එය ජනමාධ්‍ය වෙත පිළිගන්වමින් ප්‍රකාශ කළහ.

Tuesday, December 10, 2013

අන්තර් ආගමික සාම පදනම - ශෝක පණිවිඩය- Nelson Mandela.



 ලෝක පූජිත දකුණු අපි‍්‍රකාවේ ප‍්‍රථම කඵ ජාතික ජනාධිපති වන නෙල්සන් මන්ඩේලාගේ අභාවය ගැන අපගේ ශෝකය මින් ප‍්‍රකාශ කර සිටිමු.





එතමාගේ ජීවිතයෙන් හා පැවැත්මෙන් සමස්ත ලෝකයට ම ඉදිරිපත් කළ මහගු පණිවිඩය වන "සමාව දීම, සාමය, සන්හිඳියාව හා සාධරණත්වය මෙන් ම තමනට හිරිහැර කළ අයගෙන් පලි නො ගැනීම" හා අවිහිංසාව වැනි ගුණ ධර්ම ලෝක නායකයන්ට පමණක් නොව සැමට ම මහත් ආදර්ශයකි, එය ආගම ඇදහීමෙ සැබෑ ප‍්‍රවනතාවයකි. මෙ ගූණධර්ම අතරින් මානව ගරුත්වය තකා සමාව දීම කැපී පෙනෙන යථාර්ථයකි. තමන් විසින් සිරයෙන් නිදහස්වී පැවැති ජනාධිපතිවරණයෙන් තම දේශයේ නායකයත්වය ලබා ආත්මාර්ථකාමිත්වයෙන් බැහැරවී එහි දිගින් දිගට ම රැඳී නො සිට ස්වෙච්ඡාවෙන් විශ‍්‍රාම යාමෙන් ලෝක නායකයන්ටද ආදර්ශයක් සපයා ඇත. තවද තම සේවාව පිඩීත ජනතාව වෙනුවෙන් ම වැය වීම පරිත්‍යාගශීලි ජීවිතය ඉස්මතු කිරීමකි.

Friday, November 29, 2013

හිතවත් පාඨකයිනි, කාරුණික ආරාධනයයි !!!! .....Preparing for the interview........


ශ්‍රි ලංකාවේ සෑම වසරකම අ.පො.ස- සා.පෙ / උ.පෙ විභාගවලින් අසමත් වන අපගෙ ආදර සහොදර, සහොදරියන් සඳහා සුදුසු රෑකියාවක් සොයාගෑනිම සඳහා නිසිලෙස සම්මුක පරික්ෂනයට මුහුණ දිමත්, තම අයදුම්පත සකසා ගෑනිමටත් අවශය මගපෙන්විම සහා පෑහෑදිලිකිරිම් මා විසින් පහත සඳහන් ආකාරයෙන් "ඉංග්‍රිසි බසින්" දක්වා ඈත.

එයද "අන්තර්ජාලයෙන්" උපුටා සකසනලදි. හුදෙක් එය සමාජ සත්කාරය සඳහාමය.

මෙම මගපෙන්විම "සිංහල බසින්" දෑක්විය හෑකිනම් එය වඩාත් ප්‍රයොජනවිය හෑක. ඔබ අතරින් හෑකි කෙනෙක් මෙය "සිංහල බසට" පරිවර්ථනය කිරිමට හෑකිවෙනම්  එය අපගෙ ආදර සහොදර, සහොදරියන් හට ඉතා ප්‍රයොජන විය හෑකිය. අත හිත ඈති කෙනෙක් වෙතොත් කරුණාකර සහයොගය දක්වන්න.

එය ඔබගෙ බ්ලොග් වලද ප්‍රචාරය කල හෑක. ස්තුතියි.