Saturday, November 23, 2013

දේව බලාපොරොත්තුව !!!


කිතුනු දැක්ම අනුව මෙලොව සිදුවන සෑම දෙයක්ම දේව අභිමතය අනුව ඉටුවන බව නො රහසකි. එසේ සියල්ල දේව කැමැත්තට එකගව කෙරෙනවා යයි කීමෙදී එය දෛවය වශයෙන් පිළිගත යුතු යයදි නො කියැවෙ. එහෙත් කිතුනු දැක්ම අනුව දේව සමානකමට හා ස්වරූපයට මවා ඇති මනුෂ්‍යයාට එම තත්වය රැුක ගන්නට නිදහස් කැමැත්තක්ද දානය කර ඇත. ලොවේ සිදුවන දේ දේව කැමැත්ත  යයි කීවත් එය මිනිස් නිදහස අනුව සැකසෙන බවද තේරුම් ගත යුතුය. එනම් ලොකයේ සිදුවන දේ ගැන මිනිසා වගකිව යුතුයි.

ශී‍්‍ර ලංකාවේ සිදුවු ජනවාර්ගික  අරගල දේව විශ්වාසයෙන් සිදුවුවක් යයි කාටවත්  කිව නොහැකිය. එයට හේතුව නම් ජිවිත විනාශ කිරීම උන්වහන්සේගේ මැවිල්ලට හානි කිරීම දේව කැමැත්ත  නොවන නිසාය. 

නික්මයාම සිද්ධිය


ජන අරගල සම‘බන්ධයෙන් ශුද්ධවු බයිබලීය දැක්ම විමසීමේදී එම කෘතියේ දෙවන පොතවන නික්මයාම ග‍්‍රන්ථයේ සඳහන්ව ඇත. එය කථාවේ මුල් පරිච්ඡේද 15 තුළ කියවීමට හැකිය. ජුදා ගොත්‍රික ජනතාව මුලින්ම ඊජීප්ත්තුවේ පාරාවො රාජ්‍ය අනුග‍්‍රහය ඇතුව පදිංචියට පැමිණියහ. එහෙත් ශත වර්ෂ ඉක්ම යාම අතීත කථාව නො දත් පසුකාලීන පාරාවො රජ එම වැසියන් ඉතා සීඝ‍්‍රයෙන් සංඛ්‍යාත්මකව වැඩ වර්ධනය විම නිසා එක්තරා භිතියකින් ඔවුනට හිරහැර කරන ලදී.

දේවියන් වහන්සේගේ තොරාගත් ජනතාව වශයෙන් හඳුන්වනු ලැබු ඔවුන්ට කළ හැකිව තිබුනේ තමන්ගේ දෙවියන් වහන්සේට කන්නලව් කීම පමණි. එම  අදොනාවට දෙවියන් වහන්සේ සංවේදි වු බව උන්වහන්සේ මොසෙස්ට දන්වන ලදී (නික්මයාම 3:7) දෙවියන් පිළිබඳව විශේෂ අත්දැකීමකට යොමුවු මොසෙස්ට ආරාධනා කරන්නේ ජනතාවට නායකත්වය සපයා පාරාවො රජගෙන් එම අසරණ ජනතාව මුදා  ගන්නා ලෙසටය.

නික්මයාම කෘතියේ හතරවන පරිච්ඡේදයේ සිට දොළොස්වන පරිච්ඡේදය දක්වා අඩංගුව ඇති විස්තරය තුළ ජනතාව වෙනුවෙන් දෙවියන් වහන්සේ කි‍්‍රයාත්මක වී පීඩිත ජන කොටසට අත්වු විමුක්තිය තේරුම් ගත හැකිය. එහිදී ජනතාව අවි ආයුධ භාවිත නොකර නිදහස් අරගලයකට යොමු වු අන්දම පැහැදිලිය. අවි ආයුධවලින් තොරව ආදර්ශමත් විමුක්ති අරගලයක් වශයෙන් මෙය නම් කිරීමට කිසි  කෙනෙක් විරුද්ධ නො වනු ඇත.

දෙවියන්  වහන්සේ විසින් මෙහෙයවන ලද අරගලයෙන් අනතුරුව උන්වහන්සේ තමනට අයිති ජනතාවක් වශයෙන් ඔවුන් සමග ගිවිසුමක් ආරම්භ කරන ලදී. එහි කොන්දේසි දස පනත හරහා සනිටුහන් වෙයි. පුරාණ ගිවසුමේ කතාන්තරයෙන් එළි පෙහෙළි වන්නේ එම ගිවිසුමට පක්ෂපාත වීම හො නොවීමය. ඉන් පසුව එම විමුක්තිය සදාකාලික පවතින්නට දිවස්වරුන් අනාගතයේ නව ගිවිසුමක් ගොඩ නගන බවට දුන් පොරොන්දුව ජේසු කි‍්‍රස්තුන් වහන්සේ මගින් සනාථ විය.

ගරු රීඩ් ෂෙල්ටන් ප‍්‍රනාන්දු පියතුමා

Published by: Ranjan De Mel.


No comments:

Post a Comment