Saturday, November 23, 2013

කාර්ඩයින් දර්ශනය කරපින්නාගත් කම්කරුවෝ.........


දුගින්, අසරණ වූවන් සහ අසංවිධානාත්මක වූවන් හා හව්හරණයක් නැතිවූ කම්කරුවන් වෙත, කි‍්‍රස්තියානි කම්කරු ව්‍යාපාරයේ  සමාජික අපව සංවිධානය කර යොමුකරන ලද්දේ, සොයාබැලීම, විනිශ්චය කිරීම, ක‍්‍රියා කිරීම නැමති ක‍්‍රමවේදය අනුගමනය කරමින් අන් අය හමුවී, මුණගැසී කි‍්‍රස්තුස් වහන්සේව අනාවරණය කරගෙන එතුලින් ක‍්‍රියාත්මක කිරිම සඳහාම ඇප කැපවූ කාර්දිනල් ජෝශප් කාර්ඩයින් හිමිපාණන්ය.


කාර්දිනල් ජෝශප් කාර්ඩයින් හිමිපාණන්.

වසර 1912 දී බෙල්ජිමේ බ‍්‍රසල්ස් නුවර ලීකන් නැමති ප‍්‍රදේශයේ මීසමක කි‍්‍රයාකාරී වූ කාර්දිනල් හිමිපාණන් ‘‘හමුවන්නන්ගේ ක‍්‍රමය’’ නොහොත් අන් අයව දැන ගැනීමේ පිළිවෙත කි‍්‍රයාවට නැංවීය. ඒ තුළම කි‍්‍රයාකාරී වූ හිමිපාණන්ගේ මෙම වැඩ පිළිවෙල කාර්ඩයින් දැක්ම, චින්තනය. දර්ශණය සහ කි‍්‍රයාකාරීත්වය ලෙස විසි වෙනි සත වර්ෂය තුළ ලෝකයේ බොහෝ රටවල ප‍්‍රචලිත විය.  






ශිෂ්‍ය. තරුණ හා වැඩිහිටි, ගොවි, කම්කරු, ව්‍යාපාරික, පරිපාලන ශ‍්‍රමිකයන් සියල්ලන්ට නිරන්තරයෙන් පැන නගින තම සේවා ස්ථාන කටයුතු, රැකියා, වගකීම්, අයිතිවාසිකම්, ආරක්‍ෂාව, සාධාරණය, යුක්තිය ඉෂ්ඨවීම පිළිබඳව ප‍්‍රශ්න හා ගැටළු විවිධ වීමත්, බැරුම් වීමත්  සංකීර්ණ වීමත් හේතු කොටගෙන එහි අභියෝගයන්ට මුහුණ දිය හැකි කි‍්‍රස්තියානි කම්කරු ව්‍යාපාරය (වැඩිහිටි කම්කරු කණ්ඩායමක්) පිහිටුවීමට මග පෑදුනේ, 1950 දී ගරු හෙන්ක් ස්ක‍්‍රම් (නි.ම.නි) පියතුමා දැමූ අඩිතාලමෙනි. 1953 දී මෙම  ව්‍යාපරයට ශ‍්‍රී ලංකා රදගුරු මණ්ඩලයේ අනුමැතිය දානය කරන ලදී. ජාතික මට්ටමින් ව්‍යාප්ත වූ කි‍්‍රස්තියානි කම්කරු ව්‍යාපාරය වර්ෂ 1959 දී තම පළමුවෙනි  ජාතික සමුළුව මහනුවර පවත්වන ලදී. 

කාර්ඩයින් හිමිපාණන්ගේ දර්ශණය තුළ සතිපතා, මාස්පතා රැස් වන අප කම්කරුවෝ පළමුව ශුද්ධවූ සුවිශේෂය විග‍්‍රහයේ යෙදෙති, ව්‍යාපාරය තුළ කි‍්‍රයාකාරීවන අප සමාජය තුළ විග‍්‍රහයේ සහ ක‍්‍රියාවේ යෙදෙන්නේ ‘‘කතෝලික සමාජ දර්ශණය’’ සහ ‘‘වෙහෙසෙන මිනිස්සු’’ නැමති විශ්ව ලේඛන හැදෑරීම තුලිනි. කාර්ඩයින් හිමිපාණන් ලොවට ඉදිරිපත් කළ මෙම දර්ශණයට 2012 වසරේදී වසර සියයක් සම්පූර්ණ වේ.  

Published by: Ranjan De Mel.
Please visit......
http://stjosephschurchkanuwana.blogspot.com
http://www.stjosephschurchkanuwana.org
http://bhakthiprabodhanaya.org

No comments:

Post a Comment