Wednesday, December 11, 2013

කතෝලික අනුශාසනා පත්‍රයෙන් ආණ්ඩුවට අවවාද.......



ජනාධිපතිවරයාට පූර්ණ බලතල පැවරෙන වත්මන් ශ්‍රි ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක අවශ්‍යතාවයන්ට නො ගැලපෙන නිසා ශ්‍රි ලංකාවට නව ව්‍යවස්ථාවක් අවශ්‍යකරන කරන බව ශ්‍රි ලංකා කතෝලික රදගුරු සම්මේලනය පෙන්වා දෙයි.

 "අප දේශය සමගි සංධානය තුළින් යළි ගොඩ නැංවීමක් කරා” නමින් අනුශාසනා පත්‍රයක් එළිදැක්වීම මගිනුයි. කතෝලික සභාව එම අදහස් පළ කරන්නේ.

කතෝලික රදගුරු සම්මේලනය අවසන් වරට මෙලෙස අනුශාසනා  පත්‍රයක් ඉදිරිපත් කලේ 1984 වසරේයි.


ශ්‍රි ලංකාවේ පොදු ප්‍රශ්න පිළිබඳව හා රට යන මග පිළිබඳ ව කතෝලික ජනතාව හා රටේ සෙසු පොදු ජනතාව දැනුවත් කිරීම සිය අනුශාසනා පත්‍රය නිකුත් කිරීමේ අරමුණ බව ශ්‍රි ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති මැල්කම් රන්ජිත් හිමිපාණෝ එය ජනමාධ්‍ය වෙත පිළිගන්වමින් ප්‍රකාශ කළහ.

Tuesday, December 10, 2013

අන්තර් ආගමික සාම පදනම - ශෝක පණිවිඩය- Nelson Mandela.



 ලෝක පූජිත දකුණු අපි‍්‍රකාවේ ප‍්‍රථම කඵ ජාතික ජනාධිපති වන නෙල්සන් මන්ඩේලාගේ අභාවය ගැන අපගේ ශෝකය මින් ප‍්‍රකාශ කර සිටිමු.





එතමාගේ ජීවිතයෙන් හා පැවැත්මෙන් සමස්ත ලෝකයට ම ඉදිරිපත් කළ මහගු පණිවිඩය වන "සමාව දීම, සාමය, සන්හිඳියාව හා සාධරණත්වය මෙන් ම තමනට හිරිහැර කළ අයගෙන් පලි නො ගැනීම" හා අවිහිංසාව වැනි ගුණ ධර්ම ලෝක නායකයන්ට පමණක් නොව සැමට ම මහත් ආදර්ශයකි, එය ආගම ඇදහීමෙ සැබෑ ප‍්‍රවනතාවයකි. මෙ ගූණධර්ම අතරින් මානව ගරුත්වය තකා සමාව දීම කැපී පෙනෙන යථාර්ථයකි. තමන් විසින් සිරයෙන් නිදහස්වී පැවැති ජනාධිපතිවරණයෙන් තම දේශයේ නායකයත්වය ලබා ආත්මාර්ථකාමිත්වයෙන් බැහැරවී එහි දිගින් දිගට ම රැඳී නො සිට ස්වෙච්ඡාවෙන් විශ‍්‍රාම යාමෙන් ලෝක නායකයන්ටද ආදර්ශයක් සපයා ඇත. තවද තම සේවාව පිඩීත ජනතාව වෙනුවෙන් ම වැය වීම පරිත්‍යාගශීලි ජීවිතය ඉස්මතු කිරීමකි.

Friday, November 29, 2013

හිතවත් පාඨකයිනි, කාරුණික ආරාධනයයි !!!! .....Preparing for the interview........


ශ්‍රි ලංකාවේ සෑම වසරකම අ.පො.ස- සා.පෙ / උ.පෙ විභාගවලින් අසමත් වන අපගෙ ආදර සහොදර, සහොදරියන් සඳහා සුදුසු රෑකියාවක් සොයාගෑනිම සඳහා නිසිලෙස සම්මුක පරික්ෂනයට මුහුණ දිමත්, තම අයදුම්පත සකසා ගෑනිමටත් අවශය මගපෙන්විම සහා පෑහෑදිලිකිරිම් මා විසින් පහත සඳහන් ආකාරයෙන් "ඉංග්‍රිසි බසින්" දක්වා ඈත.

එයද "අන්තර්ජාලයෙන්" උපුටා සකසනලදි. හුදෙක් එය සමාජ සත්කාරය සඳහාමය.

මෙම මගපෙන්විම "සිංහල බසින්" දෑක්විය හෑකිනම් එය වඩාත් ප්‍රයොජනවිය හෑක. ඔබ අතරින් හෑකි කෙනෙක් මෙය "සිංහල බසට" පරිවර්ථනය කිරිමට හෑකිවෙනම්  එය අපගෙ ආදර සහොදර, සහොදරියන් හට ඉතා ප්‍රයොජන විය හෑකිය. අත හිත ඈති කෙනෙක් වෙතොත් කරුණාකර සහයොගය දක්වන්න.

එය ඔබගෙ බ්ලොග් වලද ප්‍රචාරය කල හෑක. ස්තුතියි.


Thursday, November 28, 2013

පිළිකාව........ Cancer..........


නවීන විද්‍යාව ඔබ පිළිකා රෝගියෙක්‌ කර අවසන්

ඇමෙරිකානු ජාතික වෛද්‍ය රික්‌ කැන්ට්‍රෙල්   (Dr.Rick Cantrell - Phd, MD, PsyD) මහතාගේ පෞද්ගලික අත්දැකීම් අසුරින් රචිත මෙම ලිපිය විද්යුත් තැපැල් ( E-mail) පණිවිඩයකින් මා වෙත ලැබුණකි. උගත් වෛද්‍යවරයකු වන වෛද්‍ය රික්‌ කැන්ට්‍රෙල් මහතාගේ අත්දැකීම් හා යෝජනා ජනතාවගේ දැන ගැනීම පිණිස මෙසේ ඉදිරිපත් කරමි.

වෛද්‍ය ඡේ. එම්. කේ. බී. ජයවීර

මා විසින් පහත විස්‌තර කරන කරුණු සියයට සියයක්‌ම සත්‍ය බව ප්‍රථමයෙන් ම ප්‍රකාශ කරමිග පසුගිය වසර 15 ක්‌ තිස්‌සේ ම විවිධ පුද්ගලයන්ට මෙම කරුණු පිළිබඳව මා විසින් පවසා ඇත. එහෙත් කිසිවෙක්‌ ඒවාට ඇහුම්කන් දුන්නේ නැත. දැන් නම් බලා සිටියා ඇතැයි සිතේ. ජනතාව අවදි කළ යුතු අවස්‌ථාව පැමිණ ඇත. වර්තමානයේ පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීම වනාහී සල්ලි ගසක්‌ සෙලවීම වැනි විශාල ලාභදායී ව්‍යාපාරයකි. මෙකී ප්‍රතිකාර නිසා අමෙරිකාව පමණක්‌ ගතහොත් වසරකට ඩොලර් මිලියන 120 ක ශුද්ධ ලාභයක්‌ ලබන අතර ලොව පුරා ව්‍යාපාරිකයන් විසින් ඩොලර් මිලියන 600 ක්‌ උපයන ව්‍යාපාරයකි. 

Saturday, November 23, 2013

ජේසු සමිඳාණන්ගේ ජීවිතාදර්ශය.......

ක්‍රිස්තුරාජ මංගලය්‍ය දිනට සමගාමිව......( නොවෑම්බර් 24 ඉරිදා )

ජේසු සමිඳාණන්ගේ ඉගැන්වීම් හා ජීවිත  පැවැත්ම මගින් ජනතාවට සැබෑ විමුක්තිය ස්ථාපිත කරනු ලැබුයේ කුරුසියේ මරණයට පත් කරනු ලැබ, මරණය පරාජය කරමින් උත්ථානයේ නව ජීවිතයකට පා තැබීමෙන්ය. දේව රාජ්‍යය ගැන කරුණු උගන්වමින් එය සැබෑ විමුක්තිය කරා යොමු වීමක් බවටත්, විමුක්තියට හිමිකම් කියන ජනතාව සහොදරත්වයෙන් වෙලෙන බවත්, එම බිහිවන සහොදරත්වය තුළ යුක්තිය හා සාධාරණත්වය රජ කරන ජනතාවක් විය යුතු බවටත් උන්වහන්සේගේ ඉගැන්වීම් වලින් පැහැදිලි වෙයි.

ජේසු කි‍්‍රස්තුන් වහන්සේගේ දේශන හරහා නව සමාජ දැක්මක් ඉදිරිපත් කරන්නේ එකිනෙකා අතර ඇතිවන ගැටඵ නිරාකරණය කරන අන්දමය. මතෙව් සුවිශේෂයේ වාර්තා කර තිබෙන කන්ද උඩ දේශනාව හරහා නව සමාජයේ සාමාජිකත්වය හැසිරිය යුත්තේ භාග්‍ය අට (මතෙ 5:1-8) පදනම් කර ගෙනය  සතුරාට කරන හතුරුකම් අතහැර දමා පේ‍්‍රම කිරීමටත්, වරදකරුවන්ට සමාව දීම  කොන්දේසි  විරහිත බවට ඉගැන්වුවා පමණක් නොව, තමන්වහන්සේව වධහිංසාවට ලක් කර කූරුසියේ එල්ලා මරා දමන විට පවා ඔවුනට ප‍්‍රකාශ කලේ  පියානෙණි ඔවුන් නොදැන කරන නිසා ඔවුනට සමා වුව මැනව, යන යාඤාවෙනි. 

දේව බලාපොරොත්තුව !!!


කිතුනු දැක්ම අනුව මෙලොව සිදුවන සෑම දෙයක්ම දේව අභිමතය අනුව ඉටුවන බව නො රහසකි. එසේ සියල්ල දේව කැමැත්තට එකගව කෙරෙනවා යයි කීමෙදී එය දෛවය වශයෙන් පිළිගත යුතු යයදි නො කියැවෙ. එහෙත් කිතුනු දැක්ම අනුව දේව සමානකමට හා ස්වරූපයට මවා ඇති මනුෂ්‍යයාට එම තත්වය රැුක ගන්නට නිදහස් කැමැත්තක්ද දානය කර ඇත. ලොවේ සිදුවන දේ දේව කැමැත්ත  යයි කීවත් එය මිනිස් නිදහස අනුව සැකසෙන බවද තේරුම් ගත යුතුය. එනම් ලොකයේ සිදුවන දේ ගැන මිනිසා වගකිව යුතුයි.

ශී‍්‍ර ලංකාවේ සිදුවු ජනවාර්ගික  අරගල දේව විශ්වාසයෙන් සිදුවුවක් යයි කාටවත්  කිව නොහැකිය. එයට හේතුව නම් ජිවිත විනාශ කිරීම උන්වහන්සේගේ මැවිල්ලට හානි කිරීම දේව කැමැත්ත  නොවන නිසාය. 

නික්මයාම සිද්ධිය

මානව අයිතිවාසිකම යනු කිම ?


‘අයිතිවාසිකම’ යනුවෙන් නිර්වචනයක් ඉදිරිපත් කරන විට මිනිසාට ස්වභාවයෙන්ම අයිතිවන කරුණක් වශයෙන් සඳහන් කළ හැකිය. එය කිසි කෙනෙක් විසින් ලබා දෙන දෙයක් හො ලබා ගත හැකි දීමනාවක් හො නොවන බවද සිහිපත් කළ යුතුය. මිනිසා ජීවියකු වශයෙන් තම ජීවිතය ජීවත් වීමට අත්‍යන්තයෙන්ම හිමිවන අයිතියකි. එනම් මානව උපතින් ම  හිමිවන්නකි.

ඒ අනුව ජීවිතයට එලෙස ජීවත්වීමට ඇති අයිතියට ප‍්‍රමුඛතා ලැයිස්තුවෙ ‘පළමු තැන හිමි වෙයි’ එයට හේතුවන ප‍්‍රධාන කරුණ වන්නේ මානව උදාරත්වයයි’ මෙම  උදාරත්වය හා සබැඳෙන කරුණු දෙකක් ඇත. 

ඒවා නම් ‘බියෙන් නිදහස් වීම’ ^freedom from fear හා හිගතාවයෙන් නිදහස් වීමය ^freedom from wantමානව ඉතිහාසය ආරම්භයේ සිටම  මිනිසාව අසරණ තත්වයට පත් කිරීමට හේතුවන මෙම කාරණා දෙකෙන් ම මිදීමට නැතහොත් නිදහස් මිනිසා වෙර දරා ඇත. එම උත්සාහය මානව හිමිකම් සනාත කිරීමකි.  

කිතුණු කම්කරුවන්ගෙ දිලිසෙන දහදියබිදු......


අනුරාධපුර මිහින්තලේ ප‍්‍රධාන මාර්ගයෙහි අසෝකපුර හන්දියෙන් වම් අත දෙසට දිවෙන අතුරු මාර්ගයේ කිලෝ මිටර් 2 ක් පමණ ගිය පසු අලූතින් ඉදිවූ නිවාස දිස්වේ. ඒ නිවාස අතුරින් මතුවන කුඩා දෙව්මැඳුර වූ කලී අසෝකපුර ශු. ජූඞ් මුනිදුන්ගෙ දේව්මැඳුරයි. 1983 උතුරේ ඇතිවූ ජනවාර්ගික අර්බුදය හේතුවෙන් යාපනයේ සිටි සිංහල කතෝලිකයින් ඇතුළු පිරිසක් 1983 මාර්තු 29 වන දින සරණාගතයින් ලෙස අනුරාධපුර බැස්ටියන් විශ‍්‍රාම ශාලාවට පැමිණියහ. වසර 2 ට ආසන්න කාලයක් ඔවුන් එහි පදිංචි වී සිටි අතර, එහි සිටි සමහර කතෝලික පිරිස් දිව්‍ය පූජාව සඳහා අනුරාධපුර ශු. ජූසේ මුනි ආසන දෙව්මැඳුරට පැමිණි බව පැවසේ.

1986 වර්ෂයේ දී රජය විසින් මෙම අවතැන්වූ ජනතාව වෙත අවධානය යොමුකර වර්තමානයේ ඔවුන් පදිංචි භූමිය ඔවුන්ට පවරා දී එය ‘අසෝකපුර’ නමින් නම් කරන ලදී. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යන විවිධ ජාතීහු මෙහි මුල් පදිංචිකරුවෝ වෙති. නිවාස තනා ගැනීමටත්, පානීය ජල පහසුකම් වෙනුවෙන් රජය විසින් විවිධ අවස්ථාවල ජනතාවට උදව් කරන ලදී.

තරුණ පරපුර යුක්තිය හා සාමය තුළ දැනුවත් කිරීම.


අප අනාගතය ‘‘දරුපරපුර’’ වේ. එම දරුවන් බිහිවන්නෙත්, හැදෙන්නෙත්, වැඩෙන්නෙත්, වර්තමානයේ තිබෙන ක‍්‍රමය තුළ වීමම අප හමුවේ තිබෙන විශාල ‘‘අභියෝගයක්ව’’ පවති, එනම් විවෘත ආර්ථික ක‍්‍රමය තුළින් අප රටට ආදේශ වූ නොයෙකුත් අසංවර, අශිලාචාර, නොගැලපෙන , සාරධර්ම කෙලසන ක‍්‍රම වේදයන් මෙන්ම සමස්ථ කි‍්‍රයා පද්ධතියම දේශපාලනීකරණය වූ ජන සමාජයක් තුළ ආගමික, සමාජික, දේශපාලනික සහ සංස්කෘතික වශයෙන් එදිනෙදා මතුවන කරුණු පිළිබඳව ආපසු හැරී  බැලීමකි කළ යුතුව ඇත. 

ප‍්‍රධාන වශයෙන් ආගම් 4 ක් පමණ පවතින අප රටේ, සියලූ සිද්ධස්ථාන වල නොකඩවා සිදු කරන පුද පූජා යාග කොතරම් සිදු කළත්, ධර්මයේ හා විමුක්තියේ මග කොතරම් පෙන්වා දුන්නත් මිනිසා වෙනස් නොවී අධ්‍යාත්මික හිස් බව තුලම ජීවත් වන්නේ ඇයිදැයි සොයා බැලීමට සිදුව ඇත. ඉතා සුළු ජන කොටසක් අධ්‍යාත්මික ගුණ වගාව දියුණු කිරීමට උත්සහ ගත්තත් වැඩි පිරිස හුදෙක් ආගමික වත් පිළිවෙත් වලට පමණක් සීමා වී ඇති අතර සිද්ධස්ථාන වලින් පිටවූ පසු ධර්මයට හාත්පසින් ප‍්‍රතිවිරුද්ධ දෙබඩි ජීවිතයක් ගත කරයි. ආගම හුදු චාරිත‍්‍රයක්, විලාසිතාවක් හා බාහිර ශුද්ධවත් බාවයක් පෙන්වීමේ කටයුතු වල යෙදී සිටී. ආදර්ශමත් දහම් ජීවිතයක් ගත කරමින් අන් අයටද අධ්‍යාත්මය කියාදෙන ගිහි පැවිදි, වැඩිහිටි පරපුර අතින් සිදුවී ඇති අධ්‍යාත්මික සෝදාපාලූව අකමැත්තෙන් වූවද සැකෙවින් හෝ සඳහන් කළ යුතුමය. එනම් අප රට තුළ.................................

කාඩයින් දැක්ම එදා මෙන් අදත් අද මෙන් හෙටත් එකසේ වලංගුයි.


නව පරපුරක්, නව කම්කරු පංතියක්, මානුෂිකවුත්, ප‍්‍රතිපත්ති පදනම් කරගත් ජිවිතය පිළිබඳව නව දෘෂ්ඨියකින් වූත් කම්කරු පංතියක් ගොඩනැංවීමට අවශ්‍ය වු අවස්ථාවක දෙවියන් වහන්සේ විසින් තෝරාගන්නා ලද මනුෂ්‍යයා විය. පුජකයා විය. සභාවේ උතුම් කුමරා විය. "ඒ අන් කවරෙකු වත් නොව ජෝශප් කර්දිනල් කාඩයින් හිමිපාණෝය.’’

‘‘20 වැනි ශත වර්ෂයේ අපෝස්තුළුවරයා යන විරුදාවලියට හිමිකාරයාණන් වූ ජෝශප් කාඩයින් හිමිපාණන්ගේ අනාගත දැක්ම, දර්ශනය හා ක‍්‍රමෝපායයන් ශිෂ්‍ය, තරුණ, තරුණියන්, වැඩිහිටි කම්කරුවනට පමණක් සීමා නොවීය. එතුමා නව ළමා පරපුරක්, නව තරුණ ජනතාවක්, නව කම්කරු ලොවක් හා නව පවුලක් නැතහොත් නව යුවලක් තුළින් නව පවුලක් හා එමගින් ක‍්‍රිස්තුස් වහන්සේට නව ලොවක් බිහිකිරීම පිළිබඳව ස්ථිර විශ්වාසයක් තැබු ඒ පිළිබඳව නිරතුරුවම වෙහෙසුනු කැපවූ පූජක තුමෙකු විය. නිතැනින්ම එතුමා සමුහයා අතර සමුහයන්ගේ පූජකයා විය. එකී අරමුණ සාක්ෂාත් කර ගනුවස් එතුමා නොනැවතී ඉදිරියටම ගියේය. කාඩයින් හිමි ස්වකීය ජිවිතය (ත.ක‍්‍රි.ක.-y.c.w) ව්‍යාපෘතිය වෙනුවෙන් සම්පුර්ණයෙන්ම කැප කළත් එය තුළින් එතුමා බලාපොරොත්තු වුනේ අප රජාණන් වන ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ තුළ ‘නව සමාජයක්’ ‘නව ලොවක්’ බිහිකිරීමයි.

කාර්ඩයින් දර්ශනය කරපින්නාගත් කම්කරුවෝ.........


දුගින්, අසරණ වූවන් සහ අසංවිධානාත්මක වූවන් හා හව්හරණයක් නැතිවූ කම්කරුවන් වෙත, කි‍්‍රස්තියානි කම්කරු ව්‍යාපාරයේ  සමාජික අපව සංවිධානය කර යොමුකරන ලද්දේ, සොයාබැලීම, විනිශ්චය කිරීම, ක‍්‍රියා කිරීම නැමති ක‍්‍රමවේදය අනුගමනය කරමින් අන් අය හමුවී, මුණගැසී කි‍්‍රස්තුස් වහන්සේව අනාවරණය කරගෙන එතුලින් ක‍්‍රියාත්මක කිරිම සඳහාම ඇප කැපවූ කාර්දිනල් ජෝශප් කාර්ඩයින් හිමිපාණන්ය.


කාර්දිනල් ජෝශප් කාර්ඩයින් හිමිපාණන්.

වසර 1912 දී බෙල්ජිමේ බ‍්‍රසල්ස් නුවර ලීකන් නැමති ප‍්‍රදේශයේ මීසමක කි‍්‍රයාකාරී වූ කාර්දිනල් හිමිපාණන් ‘‘හමුවන්නන්ගේ ක‍්‍රමය’’ නොහොත් අන් අයව දැන ගැනීමේ පිළිවෙත කි‍්‍රයාවට නැංවීය. ඒ තුළම කි‍්‍රයාකාරී වූ හිමිපාණන්ගේ මෙම වැඩ පිළිවෙල කාර්ඩයින් දැක්ම, චින්තනය. දර්ශණය සහ කි‍්‍රයාකාරීත්වය ලෙස විසි වෙනි සත වර්ෂය තුළ ලෝකයේ බොහෝ රටවල ප‍්‍රචලිත විය.