අප අනාගතය ‘‘දරුපරපුර’’ වේ. එම දරුවන් බිහිවන්නෙත්, හැදෙන්නෙත්, වැඩෙන්නෙත්, වර්තමානයේ තිබෙන ක‍්‍රමය තුළ වීමම අප හමුවේ තිබෙන විශාල ‘‘අභියෝගයක්ව’’ පවති, එනම් විවෘත ආර්ථික ක‍්‍රමය තුළින් අප රටට ආදේශ වූ නොයෙකුත් අසංවර, අශිලාචාර, නොගැලපෙන , සාරධර්ම කෙලසන ක‍්‍රම වේදයන් මෙන්ම සමස්ථ කි‍්‍රයා පද්ධතියම දේශපාලනීකරණය වූ ජන සමාජයක් තුළ ආගමික, සමාජික, දේශපාලනික සහ සංස්කෘතික වශයෙන් එදිනෙදා මතුවන කරුණු පිළිබඳව ආපසු හැරී බැලීමකි කළ යුතුව ඇත.
ප‍්‍රධාන වශයෙන් ආගම් 4 ක් පමණ පවතින අප රටේ, සියලූ සිද්ධස්ථාන වල නොකඩවා සිදු කරන පුද පූජා යාග කොතරම් සිදු කළත්, ධර්මයේ හා විමුක්තියේ මග කොතරම් පෙන්වා දුන්නත් මිනිසා වෙනස් නොවී අධ්‍යාත්මික හිස් බව තුලම ජීවත් වන්නේ ඇයිදැයි සොයා බැලීමට සිදුව ඇත. ඉතා සුළු ජන කොටසක් අධ්‍යාත්මික ගුණ වගාව දියුණු කිරීමට උත්සහ ගත්තත් වැඩි පිරිස හුදෙක් ආගමික වත් පිළිවෙත් වලට පමණක් සීමා වී ඇති අතර සිද්ධස්ථාන වලින් පිටවූ පසු ධර්මයට හාත්පසින් ප‍්‍රතිවිරුද්ධ දෙබඩි ජීවිතයක් ගත කරයි. ආගම හුදු චාරිත‍්‍රයක්, විලාසිතාවක් හා බාහිර ශුද්ධවත් බාවයක් පෙන්වීමේ කටයුතු වල යෙදී සිටී. ආදර්ශමත් දහම් ජීවිතයක් ගත කරමින් අන් අයටද අධ්‍යාත්මය කියාදෙන ගිහි පැවිදි, වැඩිහිටි පරපුර අතින් සිදුවී ඇති අධ්‍යාත්මික සෝදාපාලූව අකමැත්තෙන් වූවද සැකෙවින් හෝ සඳහන් කළ යුතුමය. එනම් අප රට තුළ.................................
1. ගණිකාවන් සංඛ්‍යාව 40,000 ඉක්මවන බවත්,
2. ඒඞ්ස් ඇතුළු ලිංගාශ‍්‍රිත රෝගීන් සංඛ්‍යාව 12,000 ඉක්මවන බවත්,
3. නීති විරෝධි ගබ්සා දිනකට 800 ඉක්මවන බවත්,
4. ළමා අපචාර පැමිණිලි වසරකට 5,000 ඉක්මවන බවත්,
5. බිළිදු දරුවන් මහමග අතහැර දමා යාම්.
6. දරුවන් පාසල් නොයවා නීතිවිරෝධිව සේවයේ යෙදවීම්.
7. දරුණු ගණයේ අපරාධ සහ දරුණු හිංසනය.
8. සිය දිවි නසා ගැනීම්.
9. සොරකම්, පැහැර ගැණීම්, බලහත්කාරකම් සහ පාතාල කි‍්‍රයාවන.
10. තම මව සහ මිත්තණිය දුෂණය කොට මරා දැමීම්.
11. තම දියණිය දුෂණය කොට ගැබ් ගන්වන පියවරුන්ගේ හැසිරීම්.
12. අසම්මත ලිංගික චර්යාවන් තුළ හැසිරීම්
13. දුම්පානය සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බිහි වීම්.
14. දික්කසාද වාර්තා වල ඉහල යාම්.
15. ශී‍්‍ර ලංකාවේ දුෂිතම ආයතන අතරට අධ්‍යාපන අමාත්‍යාංශය පත් වී ඇති බව සමීක්ෂණය වීම.
16. උසස් අධ්‍යාපන පද්ධතීන් තුළ පවා දරුණු ගණයේ නොහික්මුන කලහාකාරී බව වර්ධනය වීම.
17. දුප්පත් කම සහ දරිද්‍රතාවය.
18. ඇති නැති පරතරය තව දුරටත් වර්ධනය වීම.
19. ජෛව විවිධත්වයේ ඇති සමතුලිත භාවය නැති කර දැමීම.
20. දුෂණය හා නාස්තිය.
අප රට තුළ පාපී බලවේග ඉතාමත් අදෘෂ්‍යමාන අන්දමින් කි‍්‍රයාත්මක වන බව රහසක් නොවේ. ආදරයේ උල්පත විය යුතු පවුල් සංස්ථාවද දෙදරා යමින් තිබේ. භාවනාවට සහ ප‍්‍රසාද නිධානාත්මක දිවියකට පෙර තිබූ ජ්වලිත බව වෙනුවට උදාසීන බවක් දක්නට ඇත. මෙවැනි තත්වයක් තුළ ‘‘බිහි වූ අනාගත පරපුර ද’’ හෙට දවසේ උපදින ‘‘දරු පරපුර ද’’ මෙම මඩ ගොහොරේහීම එරී ගිලී තබනවාද යන්න සිතා බැලිය යුතු නොවේද?
පවතින අසම්මත ක‍්‍රමයේ හී වෙනසක් නොවූව හොත් අනාගත පරම්පරාවලින්ද බලාපොරොත්තු විය හැක්කේ සාරධර්මයන් තුළ දිවි ගෙවීම වෙනුවට සියල්ල කඩා වැටුණු සංවේදී භාවයක් නැති තනිකඩ පරපුරකි. මේ සඳහා දරුපරපුර හරි මාර්ගයට ගෙන යමින් ඔවුන්ගේ ජීවිත සාරධර්ම සහ අධ්‍යාත්මික ගුණ වගාවක් තුළ ගොඩ නංවන කාලය උදාවී ඇත. මේ සඳහා ශුද්ධෝත්තම පියතුමන් විසින් තරුණ පරපුර වෙනුවෙන් ස්පාඤ්ඤයේ හී පවත්වන ලද සමුලූවේදී ඉදිරිපත් වූ ''Educating Youth to Justice and Peace'' කි‍්‍රයාවලිය තුළ වැඩ සටහන් සම්පාදනය කරමින් තරණ පරපුර කෙරෙහි වැඩි අවධානයකින් යුතුව සියළු කටයුතු සම්පාදනය කිරීම වගකිවයුතු සෑම වැඩිහිටියෙකුගේම විශේෂ කාර්ය භාරයක් වී ඇත. මෙය ගොඩ නැගීම සඳහා දැනට දරුවන් තුළ ඇති අසහනකාරී තත්වයද විමසා බැලීමට සුදුසු ය. එනම්.....................
- දරුවන්ට දෙමව්පියන්ගේ ආදරය අහිමිවීම, දරුවන්ට සවන් නොදීම, දරුවන් තේරුම් ගැනීමට උත්සහ නොකිරීම, දරුවන්ගේ අවශ්‍යතා ගැන සංවේදී නොවීම.
- මෙවැනි තත්වයන් තුළ දරුවන් තනිවී අසහනය වර්ධනය වීම හේතු කොටගෙන ඔවුන් නොයෙකුත් අබ්බැහි වීම් වලට යොමු වීම. එනම්,
- වැඩිහිටියන්ට අකීකරු වීම සහ අවනත නොවීම.
- ආදරය සහ නිදහස සොයා යෑම තුළ ලිංගික, අතවර, මත් උවදුරු, කාලය නාස්ති කිරීම, අධ්‍යාපනය කඩාකප්පල් කර ගැනීම.
- කුඩා වයසේදීම දෙමාපියන්ගේ රැුකවරණයෙන් මිදෙන දරුවන් බාල අපරාධකාර තත්වයකට යොමු වීම.
- අධ්‍යාත්මික පෝෂණය නොමැති වීම තුළ අශීලාචාර, නොහික්මුන, කලහකාරී, අසංවර, මානසික ආතති තත්වයන්ට පත්වීම.
- විද්‍යුත් මෙවලම් භාවිතය තුලින් අසම්මත ලිංගික චර්යාවන් වෙත යොමු වීම.
- අඩු වයසින් ඇති කරගන්නා පේ‍්‍රම සම්බන්ධතා නිසා නොයෙකුත් ප‍්‍රශ්නවලට මැදි වීම.
- පාසල් නිල ඇඳුමෙන් පවා අයතා හැසිරීම් තුළ ජීවත් වීම.
- භය සහ සැක සිතෙන අත්දැකීම් තුළ ජීවත් වීම.
වර්තමානයේ ජීවත් වන වැඩිහිටි පරපුරේහී සමස්ථ කි‍්‍රයාවලියේම අධ්‍යාත්මික ගුණවගාව උඩුයටිකුරු වී ඇත්තේ ඔවුන් තුලින් ‘‘යුක්තිය, සාමය, සත්‍යය, නිදහස’’ කෙලෙසී ඇති බැවිනි. එය නැවතත් සමස්ථ ජන සමාජය තුළම ආදේශ කළ හැක්කේ කේසේද ? එනම් ..................
1. දෙමව්පියන් සහ පවුල තුලින්
2. අධ්‍යාපනඥ්ඥයින් සහ අධ්‍යාපන ආයතන තුළින්.
3. රැකබලා ගැනීමේ සහ හැඩගැන්වීමේ ආයතන තුලින්.
4. පැවිදි පූජක ඇතුළු ආගමික ආයතන තුලින්.
5. සමාජීය ආයතන තුලින්
6. දේශපාලඥ්ඥයින් තුලින්.
7. සංස්කෘතිය තුලින්.
8. මාධ්‍ය තුලින්.
යුක්තිය හා සාමය වෙත දරුපරපුර යොමු කිරීමට ඉහත සඳහන් සියළු ආයතන තුලින් අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් පහත සඳහන් කිරීමට කැමැත්තෙමි.
1. දෙවියන් කෙරෙහි විශ්වාසය මත ගොඩනැගුණු පරපුරක් බිහි කිරීම.
2. ලෝකයේ තිබෙන සත්‍යතාවන් තේරුම් කර දිම.
3. පීඩාවන්ට විශ්වාසය තුළ මුහුණ දීමට හුරු කිරීම.
4. තරුණ පරපුරේ උද්යෝගයෙන්, විඥාන වාදයෙන් ලෝකයට නවෝදයක් ඇති කිරීමට හුරු කරවීම.
5. ඔවුන්ට සවන් දීමට සහ ඔවුන් ඇගයීමට ක‍්‍රමවේදයක් සැකසීම. 6. ජීවිතය පිළිබඳ ධනාත්මක සිතුවිලි තුලින් ඉදිරිය දැකීමට හුරු කිරීම.
7. යහපතේ සේවාවන් තුළ නියැලීමට හුරු කරවීම.
8. සැබෑ ලෝකයේ යතාර්ථය සමග කටයුතු කිරීමට විධිමත් අවබෝධයක් ලබාදීම.
9. ඔවුන් අත්දකින ලෝකය තුළ පවුලක් ගොඩ නැගීමට පරිසරය සැකසීම.
10. ස්ථිර රැකියා ක‍්‍රමවේදයක් සැකසීම.
11. අපරාධ වලින් ගැලවීමක් නොමැති බව තේරුම් කරදීම.
12. පරිසරය සහ ජෛව විවිධත්වය උපරීමයෙන් ආරක්ෂා කළයුතුබව දැනුවත් කිරීම.
ඉහත කරුණු සියල්ලම සැකසීමේදී වැඩිහිටියන් අනුගමනය කළ යුතු කි‍්‍රයාදාමය වන්නේ .............
යුක්තිය තුලින් සකස්කරන, ‘‘යුක්තිය’’ පිළිබඳව දැනුවත් කිරීම.
සාමය තුලින් සකස්කර, ‘‘සාමය’’ පිළිබඳව දැනුවත් කිරීම.
සත්‍ය සහ නිදහසට ගරු කිරීම තුළ ‘‘සත්‍ය සහ නිදහස’’ වටහා දීම.
දෙවියන් වහන්සේ වෙත දෑස් යොමු කිරීමට පුරුදු කිරීම.
Wrote and Published by: Ranjan De Mel.
No comments:
Post a Comment